IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඩර්ඩන්ස් රෝහල විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී.
 උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මගින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්මවලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ කැපවීම මේ තුළින් තවදුරටත් ශක්තිමත් කෙරේ. මෙම නව සායනය විශේෂිත මෞත්‍ර විද්‍යා ප්‍රතිකාර වෙනුවෙන්ම ස්ථාපිත කර ඇති අතර, රෝගියාගේ සුවපහසුව, කාර්යක්ෂමතාව සහ නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි.
රෝගීන් සඳහා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ස්ථාපිත කළ මෙම සායනය අති නවීන පහසුකම්වලින් සමන්විත වේ. එය රෝගීන් පරීක්ෂා කිරීමේ කාමර 5කින් සහ අංගසම්පූර්ණ ප්‍රතිකාර අංශයකින් සමන්විත වන අතර, ක්‍රමවත්ව උපදේශන ලබාගැනීමටත්, ප්‍රතිකාර සුමට කිරීමටත් එමගින් ඉඩ සැලසේ. තවද ඉතාමත් නිවැරදිව රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයද මෙම සායනය සතු වන අතර, එමඟින් නිරවද්‍ය හා ඵලදායී සත්කාර ලබා ගත හැකිය.
රෝගීන්ට වන බලපෑම අවම කරමින් මුත්‍ර මාර්ගයේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කෙරෙන සිස්ට්‍රස්කොපි ඇතුළු පුළුල් පරාසයක පහසුකම් රැසක් මෙහිදී ලබාගත හැක. මීට අමතරව, විශේෂඥ අධීක්ෂණය යටතේ ස්ටෙන්ට් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස ඉවත් කිරීම සහ උසස් කැතීටරීකරණ ශිල්පීය ක්‍රම භාවිතයෙන් කැතීටර් නිවැරදිව සහ පහසුවෙන් ස්ථානගත කිරීමද මෙම සායනය මගින් සිදු කෙරේ.



අදහස් (0)

ඩර්ඩන්ස් රෝහල විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site