IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩයලොග් වෙතින් 5G තාක්ෂණයේ Vivo V21 ජංගම දුරකතන

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම, නිරන්තරයෙන් වෙනස් වන සිය කාර්ය බහුල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි 5G තාක්ෂණයෙන් බලගැන්වුණු දෘෂ්‍යමය සෙල්ෆි කැමරාවකින් සමන්විත, පළමු ස්මාට් ජංගම දුරකථනය වන නවතම 'vivo V21' හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ vivo සමාගමේ හවුල්කාරීත්වයෙන් හඳුන්වාදෙනු ලැබූ 5G vivo V21 ස්මාට් ජංගම දුරකථනය හරහා ඩයලොග් විසින් බලගන්වන දකුණු ආසියාවේ ප්‍රථම 5G පර්යේෂණ සම්ප්‍රේෂණ ජාලය අත්විඳීමේ අවස්ථාව ද මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවේ. වෙළඳපොළේ ඇති වඩාත් සිහින්ම 5G දුරකථනය වන මෙම vivo V21ස්මාර්ට් ජංගම දුරකථනය, මිලිමීටර් 7.29ක ඝනකමින් යුතුවන අතර, සිහින් ජංගම දුරකථනයක් භාවිත කිරීමට කැමති ඕනෑම පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාවලට ගැළපෙන සියලු‍ පහසුකම්වලින් සමන්විත වේ. vivo V21 ස්මාට් ජංගම දුරකථනය සතු ප්‍රධානතම විශේෂාංග අතරට RAM sharing පහසුකම, අඟල් 6.44 Display එක හා 4000mAh බැටරි ධාරිතාව සමග ලොව පළමු 44MP OIS (දෘෂ්‍ය රූප ස්ථායිකරණ) සෙල්ෆි කැමරාව අයත් වේ.

දිවයින පුරා පිහිටි තෝරාගත් Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ https://www.dialog.lk/vivo-v21 වෙත පිවිසීමෙන් පාරිභෝගියන්ට නවතම vivo V21 ස්මාර්ට් ජංගම දුරකථනය රු.99,990 ක විශේෂ මිලකට ලබාගත හැකි බවත්, Sunset Dazzle සහ Dusk Blue යන වර්ණ දෙක අතරින් පාරිභෝගිකයා ප්‍රියකරන වර්ණයෙන් යුත් ජංගම දුරකථනයක් තෝරාගත හැකි. vivo V21 දුරකථනය මිලදී ගැනීමේ දී මාසයක් සඳහා වලංගු 100 Anytime ඬේටා නොමිලේ හිමිවන අතර, මෙය සීමිත කාලසීමාවකට පමණක් බලපාන දීමනාවකි.

 



අදහස් (1)

ඩයලොග් වෙතින් 5G තාක්ෂණයේ Vivo V21 ජංගම දුරකතන

desitha Wednesday, 21 July 2021 09:07 PM

ඉස්සෙල්ලා 4G හරියට දීලා ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site