IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1වැනිදා සිට සියයට 18ක වැට් බද්දක්

  • වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලයේදී රු. මිලියන 60 ඉක්ම වූ සේවා සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළදී රු. මිලියන 15 ක් ඉක්මවා සේවා සපයා ඇති අය වැට් ගෙවීමට ලියාපදිංචි වීම අනිවාර්යයි

රංජන් කස්තුරි 

ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවා සඳහා සියයට 18 ක එකතු කළ අගය මත බදු (VAT) අයකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වැට් බදු අයකිරීම ලබන ඔක්තෝම්බර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේතුව සඳහන් කරයි.

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතේ විධිවිධාන අනුව ඩිජිටල් සේවා සඳහා වැට් බදු අයකෙරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට විද්‍යුත් වේදිකාවක් හරහා සේවා සපයන අනේවාසික තැනැත්තන් මෙතෙක් ඩිජිටල් සේවා සඳහා වැට්බදු නොගෙ වූ අතර මින් ඉදිරියට වැට් ගෙවීමට යටත්වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

තවද වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්ම වූ සේවා සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළදී රු. මිලියන 15 ක් ඉක්මවා සේවා සපයා ඇති අයවළුන් වැට් ගෙවීමට ලියාපදිංචි වීම අනිවාර්ය බවද එම දෙපාර්ත මේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට යම් සේවා ලබා ගැනීමේ දී වැට් බදු ගෙවීමට සිදුවන නමුත් එම සේවාවම ඩිජිටල් වේදිකාවක් හරහා ලබා ගැනීමේදී මෙතෙක් වැට් ගෙවීමට සිදු නොවීය.

එම තත්වය ඇතැම් ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන බැවින් සමතුලිත කිරීමේ පියවරක් ලෙස නව වැට් බදු පැනවූ බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි. 

ඒ අනුව පහත සඳහන් ක්ෂේත්‍ර මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙන අතර එම සේවා සඳහා සියයට 18 ක වැට් බද්ද පැනවෙනු ඇත. 

E-commerce Services, Cloud Computing, Software as a service (SaaS), Cybersecurity Services, Digital Marketing & Advertising, IT support & Managed Services, Streaming Services, Fin Tech, Subscription & Membership Website, E-commerce Platforms, Social Media Platforms, On Demand Service Platforms, Content Sharing Platforms, Cloud Collaboration Platforms, Market Place Platforms, Gaming Platforms, Blockchain & NFT Platforms, Apps for hotel bookings and ticket reservations



අදහස් (0)

ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1වැනිදා සිට සියයට 18ක වැට් බද්දක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site