IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරැඹේ

 ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ පාලක මණ්ඩලය, ආචාර්යවරුන් සහ සිසු සිසුවියන්


  • ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් පිරිනමනු ලබන සියලුම උපාධි, ඩිප්ලෝමා හා පාඨමාලා සඳහා මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශීය හා විදේශීය ආචාර්ය මහාචාර්යවරුන් සමග කටයුතු කරමින් දැනුම බෙදා ගැනීමට නිදහස් පරිසරයක්
  • විශේෂ (ගෞරව) උපාධි, සාමාන්‍ය උපාධි, ඩිප්ලෝමා, සහතිකපත්‍ර පාඨමාලා, භාෂා හා ඩිජිටල් තාක්ෂණ පාඨමාලා හැදෑරීමට අවස්ථාව

කවිඳු දිල්ෂාන්


විජය පුවත්පත් සමාගමට අයත් ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ (Times School of Higher Education) සමාරම්භක උත්සවය ඊයේ (03) කොළඹ 02, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක මාවතේ පිහිටි ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී උපාධි, උසස් අධ්‍යාපන ඩිප්ලෝමා හා පාඨමාලා සඳහා අයදුම් කළ සිසු සිසුවියන් සඳහා විශේෂ දේශන මාලාවක්ද පැවැත්විණි.

එම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Malaysia University of Science and Technology - MUST) මහාචාර්ය ප්‍රේමකුමාර් රාජගෝපාල් මහතා ප්‍රකාශ කර සිටියේ ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් පිරිනමනු ලබන සියලුම උපාධි, ඩිප්ලෝමා හා පාඨමාලා සඳහා මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය හිමිවන බවය. ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයට ඇතුළත් වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශීය හා විදේශීය ආචාර්ය මහාචාර්යවරුන් සමග කටයුතු කරමින් දැනුම බෙදා ගනිමින් නිදහස් පරිසරයක අධ්‍යාපනය හදාරා තම අරමුණු වෙත පහසුවෙන් ළඟා වීමේ හැකියාව පවතින බවද හෙතෙම එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක මහතා පැවසුවේ, විශේෂ (ගෞරව) උපාධි, සාමාන්‍ය උපාධි, ඩිප්ලෝමා, සහතිකපත්‍ර පාඨමාලා, භාෂා හා ඩිජිටල් තාක්ෂණ පාඨමාලා යන උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් පිරිනමන බවය.

ඒ අනුව එහි අධ්‍යාපනය ලබන ඕනෑම ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට තම සුදුසුකම් මත එම ඕනෑම අධ්‍යාපන ක්ෂේත්‍රයකට ඉල්ලුම් කළ හැකි බවද ඔහු කීවේය.

එහිදී ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර, ආයතනික සැලසුම් හා පරිපාලන ප්‍රධානි රුවනි සෙනෙවිරත්න, ඉංජිනේරු චන්දන කන්නංගර හා සහාය කළමනාකාර චෙරිල් ෆර්නැන්ඩු යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.

එමෙන්ම ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර මහතා විසින් විශේෂ ආරාධිත අමුත්තා වූ මහාචාර්ය ප්‍රේමකුමාර් රාජගෝපාල් මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනමන ලදී.

එහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී දිසානායක මහතා සමාරම්භක උත්සවයට පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පළමු අධ්‍යාපනික දේශනයද සිදු කළේය. 

තවද එහිදී හැටන් නැෂනල් බැංකුව (HNB) මගින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය විශේෂ අධ්‍යාපනික ණය පහසුකම්ද හඳුන්වා දෙනු ලැබීය. එම උත්සවය සඳහා ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන් සංවිධායක හසිතා ජයසුන්දර මහත්මිය විසින් විශේෂ ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමකුමාර් රාජගෝපාල් මහතාට මල්මාලයක් පළඳවමින් පිළිගනු ලැබූ අයුරු.


ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර මහතා සමාරම්භක උත්සවයට පැමිණ සිටිය පිරිස ඇමතූ අවස්ථාව.


කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය 
රවී දිසානායක මහතා සිසු සිසුවියන්ට පළමු අධ්‍යාපනික දේශනය පවත්වමින්...


ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර මහතා හා ආචාර්ය මණ්ඩලය


ඡායාරූප: ගයාන් අමරසේකර



අදහස් (0)

ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site