IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජය බහලු පර්යන්තයේ ගල් අතුරා තාර දැමීමේ කොන්ත්‍රාත්තුව Maga සමාගමට

නිමල කොඩිතුවක්කු


කොළඹ වරායේ ජය බහලු පර්යන්ත V අංගනයට ගල් අතුරා තාර දැමීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මධ්‍යම ප්‍රමාණයේ බහලු නෞකා දෙකකට පහසුකම් සැපයීමට හැකි වන පරිදි දැනට පවත්නා ජය බහළු පර්යන්ත IVහි ජැටි බැම්ම දීර්ඝ කිරීමට සහ අංගන ධාරිතාව වැඩි කිරීම සඳහා පසුපස අංගන ප්‍රදේශය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් කර තිබේ. ජය බහළු පර්යන්තය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජය බහලු පර්යන්ත - Vහි ඉතිරි සංවර්ධන කටයුතු අවසන් කළ යුතුව ඇත.
ඒ අනුව, පස් පුරවා සංවර්ධනය කරන ලද අංගන ප්‍රදේශයේ ගල් අතුරා තාර දැමීම හා පවත්නා අංගනයට සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 9 ක් ලැබී ඇත. ඒ අනුව, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය M/s Maga Engineering (Pvt) Ltd  වෙත ප්‍රදානය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ජය බහලු පර්යන්තයේ ගල් අතුරා තාර දැමීමේ කොන්ත්‍රාත්තුව Maga සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site