ශ්‍රී ලංකාව හා ජපානය අතර සබදතා තර කර ගැනීමේ අරමුණින් ජපානයේ ආර්ථීක වෙළද හා කර්මාන්ත සම්බන්ධ ඇමති කසුයොෂි අකාබා ප්‍රමුඛ දූත පිරිසක් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.
හමුවේදී ශ්‍රී ලංකාවට ඉන්දියා සාගර කලාපයේ ආර්ථීක හා වෙළද මධ්‍යස්ථානයක් ලෙස කි්‍රයාකාරී වීමට ඇති හැකියාව පෙන්වා දුන් ජපාන දූත පිරිස එමගින් ශී්‍රලංකාවට විශාල වාසියක් සළසා ගත හැකිවනු ඇතියද කීහ.
ජපානයට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ දැනටමත් කි්‍රයාත්මක ජපාන සමාගම් වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම,දෙපාර්ශවයටම වාසි සැළැසෙන කර්මාන්තමය හා ආර්ථීකමය අවස්ථා හදුනාගැනීම ආදී කරුණු පිළිඹදව හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කැරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් රාජපක්ෂ ඇමති තුමා මැදිහත් වී කරනවා නම් වැඩේ ඉක්මන් වෙයි (අ)
.ආයෝජන මණ්ඩලය ගෑවුනොත් නම් ජපන්නු නැවත එන එකක් නම් නැහැ ! (අ)
බැසිල් රාජපක්ෂ ඇමති තුමා මැදිහත් වී කරනවා නම් වැඩේ ඉක්මන් වෙයි. ආයෝජන මණ්ඩලය ගෑවුනොත් නම් ජපන්නු නැවත එන එකක් නම් නැහැ (නදී)
මේ සබඳතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමඟයි. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ වුණත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි ප්‍රශ්නය වූයේ. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී,ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා,ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණටහුරුයි ! (නි)
මේ සබදතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමගයි. දුපතේ ප්‍රශ්නය මත ඒ සබදතා බිඳ වැටුනා. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ උනත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි සුලු ප්‍රශ්නය ජපනුන්ට. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී, ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා, ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණට හුරුයි (නදී)
මේ සබදතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමගයි. දුපතේ ප්‍රශ්නය මත ඒ සබදතා බිඳ වැටුනා. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ උනත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි සුලු ප්‍රශ්නය ජපනුන්ට. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණට හුරුයි (නදී)