IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනශක්ති ලයිෆ්හි සියයට 61 ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක්

සියයට 70 ක ලාබයක් වාර්තා කරයි
දිගුකාලීන රක්ෂණ ව්‍යාපාර ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 32 කින් වර්ධනය වෙලා


ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. 
ඉතා අභියෝගාත්මක ආර්ථික පසුබිමක වුවද, ජනශක්ති ලයිෆ් හි පළමු වසරේ රක්ෂණ වාරික ආදායම, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 61ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය සමාගමේ ශක්තිය සහ දක්ෂතාව මනාව පෙන්වා දී ඇත. ජනශක්ති සමූහයේ (JXG) ප්‍රධානතම සමාගම ලෙස, ජනශක්ති ලයිෆ් 2025 දෙවැනි කාර්තුවේ (Q2 YTD) මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශ කරමින්, සමාගම සතු ශක්තිය, සිය උපායමාර්ගික දැක්ම සහ තිරසාර වර්ධනය පෙන්නුම් කරයි.
දිගුකාලීන රක්ෂණ ව්‍යාපාර ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 32 කින් වර්ධනය වී ඇති අතර, ස්ථාවර ආදායම් මාර්ග පවත්වා ගැනීම සිදු කරන අතරම වඩා ශක්තිමත් දිගු කාලීන පාරිභෝගික වටිනාකම් නිර්මාණය කිරීමේ සමාගම සතු හැකියාව මින් අවධාරණය කරයි. වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද, දළ ලියා හරිත වාරික රුපියල් මිලියන 3,769 ක් දක්වා ඉහළ නංවා ගනිමින්, පසුගිය වසරට සාපේක්ෂව සියයට 27 ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම, ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනය ජනශක්ති ලයිෆ් සතුවන බව පිළිබිඹු කරයි.

 



අදහස් (0)

ජනශක්ති ලයිෆ්හි සියයට 61 ක නව ව්‍යාපාර ආදායම් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site