IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනශක්ති ලයිෆ් 2025 මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ටයන් අගයයි


ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වැනි දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. 

ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍රා ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. ඉහළ කාර්යසාධනයක් දැක්වූ 120 කට අධික සාමාජික සාමාජිකාවන්ගේ කැපී පෙනෙන දායකත්වය මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරිණි.

සම්මාන උළෙල අරුත් ගන්වමින් ඉහළම සම්මාන ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 60 දෙනකුට විශේෂිත තරු පන්තියේ හෝටලයක නවාතැන් ගැනීමේ පැකේජයක් පිරිනැමීම සිදු විය. මෙමගින් සිය සාමාජික සාමාජිකාවන් බලගැන්වීම සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය අගය කිරීම උදෙසා ජනශක්ති ලයිෆ් දක්වන උනන්දුව හා කැපවීම විදහා දක්වයි. 

දක්ෂතා හඳුනා ගැනීම, හැකියාව ඉහළ නැංවීම හා වර්ධනය කිරීම සහ සාමූහික සාර්ථකත්වය කෙරෙහි සමාගම දක්වන සැලකිල්ල සහ අවධානය මෙම ජයග්‍රාහී සම්මාන උළෙල තුළින් වඩාත් පිළිබිඹු වේ. 



අදහස් (0)

ජනශක්ති ලයිෆ් 2025 මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ටයන් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site