IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජූනි මාසයේ ඇඟලු‍ම් අපනයනයේ සියයට 5.2 ක වර්ධනයක්

  • ඇමෙරිකාවට සිදුකළ අපනයන පහළ ගිහින්
  • බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලු‍ම් අපනයන සියයට 20.4 කින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙළෙඳපොළේ සිදුවූ වර්ධනය ජූනි අපනයන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවද ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදය පැවැසුවේය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදුකළ අපනයන ඉහළ යනවිට ඇමෙරිකාවට සිදුකළ අපනයන පහළ ගොස් තිබෙන බවද එම සංසදය ප්‍රකාශ කළේය.

ඒ අනුව යුරෝපා සංගමයට සිදුකළ ඇඟලු‍ම් අපනයන පසුගිය ජූනි මාසයේදී සියයට 23.1 කින් ඉහළ ගොස් තිබෙන බවත්, බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලු‍ම් අපනයන සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදය පැවැසුවේය. කෙසේ නමුත් ඇමෙරිකාවට සිදුකළ අපනයන සියයට 5.7 කින් පහළ ගොස් ඇති බවත්, අනෙකුත් කලාපවලට සිදුකළ අපනයන සියයට 9.3 කින් පහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදය ප්‍රකාශ කළේය.

දැනට තිබෙන තාවකාලික දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 දී මෙරට ඇඟලු‍ම් අපනයනය සියයට 8.95 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද එම සංසදය පැවැසුවේය. එහිදී යුරෝපා සංගමයේ වෙළෙඳපොළ සියයට 16.7 කින්, බ්‍රිතාන්‍ය සියයට 6.4 කින්, අනෙක් වෙළෙඳපොළවල් සියයට 8.9 කින් සහ ඇමෙරිකාව සියයට 4.1 කින් වර්ධනය වී තිබෙන බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංසදය ප්‍රකාශ කළේය. 



අදහස් (0)

ජූනි මාසයේ ඇඟලු‍ම් අපනයනයේ සියයට 5.2 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site