(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ඞ් මහත්මිය ප්‍රකාශ කර ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිපත්ති, ප්‍රමුඛත්වය දිය යුතු ප්‍රතිපත්ති සහ රටේ අභියෝගාත්මක ආර්ථික පරිසරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවද එම නිවේදනයේ දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කැපවෙන බව ශ්‍රී ලංකා බලධාරීන් අවධාරණය කළ බව එහි සඳහන්ව ඇත.
ශක්තිමත් ප්‍රතිපත්ති ගෙනෙමින්, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට එහිදි දෙපාර්ශවයේම එකඟතාව පළ වී තිබේ. එසේ කිරීම විශ්වාසය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය බවත් ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ගෙනෙන තිරසර සහ ගුණාත්මකභාවයෙන් ඉහළ වර්ධනයක් කරා රට ගෙන යා යුතු බවත් කළමනාකරණ අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත.
මෙම ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවත් ආර්ථික වැඩසටහන පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක් ඉකුත් දා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේය. එහි පස්වැනි වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණත් ඇති වූ අවිනිශ්චිත සහ අස්ථාවර තත්ත්වය නිසා එම මුදල නොලැබිණි. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස මුල් සතියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම සාකච්ඡා ද කල් දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර අපේ රූකඩ පොලිටික්කන්ට මොන වගේ නූල් ටිකක් බැඳලා යයිද දන්නේ නැහැ. කොහොමත් මෙයාලා එන්නේ අපේ රට තවත් අගාධයට දාන්නනේ. අපේ පොලිටික්කොත් ඊකට ෆුල් සපෝර්ට්...
ඉන්දික මහත්මයා මේකේ සම්පූර්ණ වැරදිකාරයින්.. අපේ ඡන්ද දායකයින්, අපි පහුගිය අවුරුදු 40ක් තිස්සෙම කලේ හොරුන්ට, බොරුකාරයින්ට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවන එක... එමනිසා අපේ රට මේ තත්වයට වැටිලා අපට හිඟාකන්න සිද්දවෙලා තිබෙන්නේ... අපි කෙලින් වැඩ කළා නම් අපට මෙහෙම වෙන්නේ නැත. අනුන්ට දොස් කියලා ඵලක් නැහැ. අපි ඉදිරියට කරන්නෙත් මේකම තමයි.
රෝත්චිල්ඩ් සෙට් එක අලුත් වැඩකට සෙට් වෙන්නයි යන්නේ. දැන් යුරෝප් හෝදලා ඉවරයි. ඒ ගොල්ලෝ දන්නවා මෙහෙ මර්කට් තවම ග්‍රෝ වෙන්න ඉඩ තියන බව.
මෙයාට අතට අත දෙන්න බය වෙන්න එපා..
නය ගන්න වෙලාවට බොහොම සතුටක් පෙනෙනවා. ඒ වුනාට පසුව ණය ගෙවන්න තියෙනවා කියලා නාහෙන් අඬනවා. ගත් ණය හරියට පරිහරණය කලානම් ගෙවන්න අපහසුවක් වෙන්න බැහැ.