වසර තුළ ඇපකර 1800ක් හරහා රුපියල් බිලියන 5ක ණය ලබාදීම අරමුණයි
භානුක අමරසිංහ
මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කර ගත වූ සති තුනක පමණ කාලය තුළදී පමණක් ඇපකර නිකුතු 103ක් යටතේ රුපියල් මිලියන 400කට අධික ණය ලබා දීමක් සිදු කර ඇතැයි එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය හා බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කර තිබේ. මැයි මුල් සතියේදී එහි මෙහෙයුම ඇරඹුණි. මේ අතරින් බැංකු 09ක් මගින් මැයි 20 වැනිදා දක්වා මෙම ණය මුදල් ප්‍රමාණය මේ දක්වා නිකුත් කර තිබෙන බව ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මේ වසර තුළ නිකුත් කරන ඇපකර 1800ක් හරහා රුපියල් බිලියන 5ක පමණ ණය මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ලබාදීම ජාතික ණය සුරැකුම් ආයතනයේ අපේක්ෂාව බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රාග්ධන වියදම් හා ස්ථීර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් හරහා රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25ක් දක්වා ණය මුදල් අනුමත කෙරෙන බව සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ණය සුරැකුම් ආයතනය සති තුනකදී රුපියල් මිලියන 400ක ණය නිකුත් කරයි