විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය අද (02) නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනයෙන් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරිය ණය සඳහා දේපළ ඇපකර මත යැපීම වෙනුවට ව්‍යවසායන්ට මුදල් ගලා එන ආකාරය මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවක් සහිත ව්‍යාපෘති හඳුනා ගනිමින් එම ව්‍යවසාය සඳහා ඇප ආවරණයක් ලබාදෙයි.
සමාරම්භක උළෙල අද (02) අතර මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් ලියා ගුටේරස් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd