ශ්රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිවරිය වශයෙන් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායි සෙන්ට් රෙජීස් හෝටලයේදී පසුගිය 29 වැනිදා නිල වශයෙන් අත්සන් තබා ඇත.
එහිදී අදහස් දැක්වු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රකාශ කර ඇත්තේ තම මව් රටේ නිල ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
සුපිරි ක්‍රිකට් තරුවූ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක කියන දේ සහතික ඇත්ත. විදේශිකයන් කීපදෙනෙක් තමන් සමඟ එකතු කරගත්තොත් හොඳ ගමනක් යන්න පුලුවන් (නි)
පසුගිය රජයේ මෝඩකම් තමා මේ රජයත් කරන්නේ. තමන්ට හිතැති අයව තනතුරු වලට දාන එක. වෙනස නම් සැපය! (නි)
අපේ ගුවන් සේවිකාවන් යන්නේ යානාවටත් අඩි 10 ක් උඩින්. ලංකාවේ මගියෙක් දැක්කම පුදුම උද්දච්ච කමක් පිටවෙන්නේ. අපි නම් පලවෙනි වතාවේ ගියාට පසුව ආයෙත් ජිවිතේට යන්නේ නැහැ කියලා හිතා ගත්තා. පාරිභෝගික සේවාව අන්තිමයි. ජකලින්ට නෙවෙයි අයිශ්වර්යාටවත් මේක ගොඩ දාන්න බැහැ. (අ)
ශ්රී ලන්කන් එකේ වැඩ කරනවා කියන්නත් ලජ්ජි මට. එක පාඩු ලබල නිසා. (අ)
දැන් අප්පේ හොඳයි වගේ නේද (බ)
ඉතාම හොඳ තෝරා ගැනීමක් , මේකෙන් ලැබෙන මුදල ජකලින්ට එතරම් ලොකු දෙයක් වෙන එකක් නෑ, මොකද අද බොලිවූඩ් සිනමාවේ පළමු පස් දෙන අතර ජකලිනේ ඉන්නවා. මේ දවස් වල එක දිගට ෆිල්ම් එනවා.හරිම සතුටු ලංකාවේ සම්භවයක් ඇති කෙනෙක් මෙහෙම තැනකට පැමිණීම. මම දන්නා විදිහට එක ෆිල්ම් එකකින් ලන්කන් රූපී කෝටි 8 කට වඩා ජකලිනේ අය කරනවා. හරිම හොඳයි .(රේ)
එතකොට මෙයාව පත්කළාට පස්සේ පාඩු ලබන එක නවතිනවාද? (නි)
ඔබට සුබ පැතුම්! (නි)
පුළුවන්නම් එකතුවෙන්න වෙන එයාලයින් එකක් එක්ක අවුරුදු 5ක් වගේ කාලයකට. දාන්න කොන්ත්‍රාත් අත්සන් කරලා පූර්ණකාලීන නැතුව. (නි)
ශ්රී ලන්කන් ගුවන් සේවය අපේ හදවත වගෙයි ,,, ඒ තරමටම අපි අපේ ගුවන්සේවයට ආදරෙයි , එ්ත් පැරිසියට එන්නේ නැති ගුවන් සේවයකින්අපිට ශත පහකවත් වැඩක් නැහැ මින් පස්සේ (බ)
ගුවන් සේවය බංකොලොත්. විකුණන්න යනවා කියලයි අපිට නම් ආරංචි. ලොක්කෝ බයිලා ගහනවා. අපිට ගෙදර යන්න තියෙන ප්ලේන් එකත් නැතිවෙයි මෙහෙම ගියොත්. (නි)
අනේ ඉතින් එයාලට තනතුරු ලැබුනා කියලා අපේ බඩකට පිරෙනවද? (නි)
ආප්ප කඩයක් දාල හරි සල්ලි හොයන්න හදන කෙනෙක්ට ඔය වගේ කොන්තරත්තුවක් ලැබුනම එපා කියයි . (අ)
මම නිතර ව්‍යාපාර කටයුතු සදහා රට රටවල් වල යනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කෙසේ වෙතත් අනෙක් ගුවන් සේවාවලත් අපට සැලකිල්ලක් නැහැ. ඒක තමයි යථාර්තය. (ර)
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ, (බ)
ඒ වුණාට ශ්‍රී ලන්කන් එකේ වැඩකරන අය සුදන්ට දත් තිස් දෙකම පෙන්වලා නිවට ලෙස දෙකට නැමිලා කතා කළාට අපේ අයව දකිද්දී නිකන් පුම්බගෙන ඉන්නවා වගේ ගතියක් තමයි අපිට නම් පෙන්නේ. එමිරේට්ස් , එතිහඩ් වගේ එයාර් ලයින් වල වැඩ කරන අය එහෙම නැහැ කාටත් එකයි. ඒ හින්දා උන්ගේ ගණන් උන්ට චුන් කියලා අපි හරි අගේට අනිත් එයාර් ලයින් වලින් ගමන් කරනවා. ශ්‍රී ලන්කන් හදන්න ඕනෑම නම් විදේශ තරුණ තරුණියන් බඳවා ගන්න . කාට තිත්ත වුණත් ඇත්තයි අපි ලියන්නේ. (බ)
නිකන් මුදල් කාබාසිනියා කරන වැඩ. (ර)