කැමරා එල්කේ ආයතනය මඟින් පැවැත්වූ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන රාත්‍රියේදී මෙරට ඡායාරූප කලාවට විශිෂ්ට සේවයක් කළ ඡායාරූප ශිල්පීන් ඇගයීමවෙනුවෙන් සම්මාන තිළිණ ප්‍රදානය කෙරුණි.
කැමරා එල්කේ ඡායාරූප පුහුණු පාසලේ ඡායාරූප පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙත සහතික පත් බෙදා දීමද එහිදී සිදුවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ අයම තමා හැමදාම ගන්නේ. (ර)
රාජකරුණා මහතා යනු දශක 5 කට වැඩි කාලයක් නිශ්චල සේයාවට සේවයක් කළ අයෙකි. (නි)
චන්දන, මෙම ඡායාරූපවල දැක්වෙන රාජකරුණා මහතා දශක 5 ක් පමණ කාලයක් ඡායාරූප කලාවට සේවය ලබාදුන් කෙනෙක්.ගුණසේකර මහතා සිනමාවේ වෙනසක් කළ "අහස් ගව්ව" සිනමා පටයේ තිරරචකයා වන අතර විජය කුමාරතුංග, අමරසිරි කලන්සුරිය සිනමාවට හඳුන්වා දුන්නා.නුතන වෙළඳ සේයා කලාව නව මඟකට යොමුකළ අයෙකි.1826 සිට අද දක්වා සේයාරූ ශිල්පයේ විවිධ වෙනස්කම් අතර කිසිඳු හසරක් නොදත් ඩිජිටල් කැමරාවට හා පරිගණකයේ "ෆොටෝ එඩිට්" මෘදුකාංගයන්ට සියල්ල බාරදී ඡායාරූප ශිල්පින් ඇති යුගයක මෙවැනි ප්‍රවීණයන් ඇගයීම සුදුසු කාර්යයකි. (නි)
චන්දන,සම්මාන දෙන්නේ ප්‍රවීණයන්ට බව නොදන්නේද? (නි)
මෙවන් පුද්ගලයින් ඇගයීමට ලක්කිරීමෙන් නව පරපුරද මේ ගැන උනන්දු වෙනවා (නි)
නාවික හමුදාවේ වෛද්‍ය ලලිත් ඒකනායක කලාවෙන් මෙන්ම වෙද කමින්ද සුවහස් මිනිසුන්ගේ ගත-සිත කරයි සුවපත්(බ)
දේශපාලන වාසි පිණිස ඡායාරූප විකෘති කරන චම්පික වගේ කෙනෙක් අතින් සම්මාන ලබා දීම සම්මාන ලාභී දක්ෂයන්ට කරන අගෞරවයක් නෙවෙයිද? මෙහෙම තැනක මුල්තැන ගන්න චම්පිකතුමාට ලජ්ජා හිතුනේ නැතිලුද? (නදී)
දේශපාලන වාසි පිණිස ඡායාරූප විකෘති කරන අය මෙවන් තැනකට පැමිණීම පිළිබඳ මම විරුද්ධයි (නි)
සුමුදු හේවා, තවමත් අන්තර්ජාලය තුළ අඳුරේ අතපත ගාන ඔයාලට ඕවා තෙරෙන්න කල්යනවා. (නි)