මෙරට පැරැණිතම සහ ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්‍රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්‍රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය.
එය ඩුබායිහි අල් කරාමා ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලාංකික චීන අවන්හලක් ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කළ පළමු අවස්ථාව මෙය වේ. ‘‘අපගේ ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරීම පිළිබඳව ඉතාම සතුටුයි. විවිධ රටවලින් පැමිණෙනල විවිධ සංස්කෘතිවලට අයත් පාරිභෝගිකයන් ශ්‍රී ලාංකික සහ චීන රසවල සම්මිශ්‍රණයක් වන අපගේ ආහාර රස විඳිනවා. ඩුබායිහිදී අපට ලැබුණු පිළිගැනීමෙන් පිළිබිඹු වන්නේ ලොව පුරා චයිනීස් ඩ්‍රැගන් කැෆේ වෙත ඇති පිළිගැනීමයි.” කළමනාකරණ අධ්‍යක්ෂ උදේෂි මහතා පැවසීය.
චයිනීස් ඩ්‍රැගන් කැෆේහි පාරිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ආහාරයක් ලෙසHot Butter Cuttlefish හැඳින්විය හැකිය. වසර 82කට වඩාත් පැරැණි වට්ටෝරුවක් වන මෙයට ඇති සුවිශේෂ රසය කිසිවෙකුට අමතක නොවන්නකි. මෙය සම්ප්‍රදාය සහ රසය මුසු කිරීම සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ සතු හැකියාවට හොඳම උදාහරණයකි. නාසි ගුරාන්, සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, ටොම් යම් ගූන් වැනි ආහාරවලටද සුවිශාල ඉල්ලුමක් ඇත. චයිනීස් ඩ්‍රැගන් කැෆේ කෙටි කාලයකින් ඩුබායිහි පදිංචිකරුවන් සහ ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රිය අවන්හලක් බවට පත් වී තිබේ. චයිනීස් ඩ්‍රැගන් කැෆේ Noon Foods, Talabat, Careem, Deliveroo වැනි ජනප්‍රිය බෙදා හැරීමේ ආයතන සමඟද එක් වී ඇත.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඩුබායි ශාඛාව පළමු සංවත්සරය සමරයි