IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය

  • ඍජු රැකියා 75,000ක් අහිමිවීමේ අවද‌ානමක්
  • දේශීය නිෂ්පාදනයට නිසි තැනක් නෑ

සුජිත් හේවාජුලිගේ 


චීනයෙන් රෙදිපිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ බරපතළ අවදානමට ලක්ව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක සභික ෆෙරෝස් අන්වර් මහතා පැවැසීය.

මෙරට රෙදිපිළි නිෂ්පාදනය කරන ප්‍රධාන කර්මාන්තශාලා පහ ද මෙසේ වැසීයාමේ අවදානමට ලක්ව ඇති බව පැවැසූ හෙතෙම මේ හේතුවෙන් සෘජු රැකියා 75,000ක් සහ වක්‍ර රැකියා ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් ද අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි සඳහන් කළේය.

පාසල් නිල ඇඳුම් චීනයෙන් නොමිලේ ලබා ගැනීමත් සමග මෙතෙක් එම සැපයීම් කටයුතු කළ දංකොටුව වීවින් සමාගම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ද අන්වර් මහතා ප්‍රකාශ කළේය.

ෆෙරෝස් අන්වර් මහතා මෙසේ ද සඳහන් කළේය.

අපේ ආයතන දෙක තමයි විශාලතම ආයතන. මැෂින් දෙසීයක් තියෙනවා. පාසල් ඇඳුම් ත්‍රිවිධ හමුදාවට ඇඳුම් ජාතික කොඩි සහ සිවුරු සියල්ල නිෂ්පාදනය කරනවා. පාසල් නිල ඇඳුම් 2007 ඉඳලා සපයනවා. පාසල් නිල ඇඳුමට දංකොටුව වීවින් ආරම්භ කළා. පාසල් ඇඳුම් ඇණවුම නැවතුණ නිසා කම්හල දැන් නිකම් වහලා දාලා තියෙනවා. 2022 දී පාසල් නිල ඇඳුම් දුන්නේ දේශීයව නිපදවලයි. පාසල් ඇඳුම 2023 දී චීනයෙන් දුන්නේ සියයට හැත්තෑවයි. 2024 දී සම්පූර්ණයෙන්ම දුන්නා. අලු‍ත් රජයක් පත්වෙලා තියෙනවා. 2026 අවුරුද්දට නිල ඇඳුම් ඇණවුම අපට බාර දෙන්න කිව්වා. තාම ප්‍රතිචාර නැහැ.

චීනයට කියන්න අපට නූල් ටික ලබා දෙන්න කියලා. අපි රෙදි ටික දේශීයව නිෂ්පාදනය කරලා අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්නම්. එතකොට රටේ කර්මාන්ත ටිකට වැඩ එනවා. පිටකොටුවට පිටරටින් ගොඩක් රෙදි එනවා. ඒත් ඒවායේ ප්‍රමිතියක් නැහැ. ඒ වගේම ඒවට හරියට බදු ගෙවන්නෙත් නෑ. ඒවා විකුණන්නේ ගොඩක් අඩුවෙන්. මේ නිසා දේශීය කර්මාන්ත ඇද වැටෙනවා. 

දේශීය රෙදි පිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික සරත් බී. හෙට්ටිගේ මහතා මෙසේ කීය.

දරුවන්ට දෙන නිල ඇඳුම් රෙද්ද ප්‍රමිතියෙන් යුතු විය යුතුයි. චීනෙන් නිකම් දුන්න පළියට ඇඳුම් අරගෙන රෝගීන් වුණොත් කවුද වගකීම බාරගන්නේ? චීනයෙන් නිකම් දෙනවා කිව්වට ඒවා නිදහස් කරන්න ලොකු මුදලක් වැය කරනවා. පාසල් දරුවන්ට අවශ්‍ය වන්නේ රෙදි මීටර් මිලියන 12 යි. ප්‍රධාන කර්මාන්ත ශාලා පහක් තියෙනවා. අපට සැපයීමේ හැකියාව තියෙනවා. ගොඩක් යන්ත්‍ර වැඩ කිරීම නවත්වලා.

ලංකාවේ කිසිම තැනක නූල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නැහැ. කර්මාන්තාලා පහක් තමයි මේ කටයුතු ලංකාව පුරාම කළේ. මීට පෙර මේ වැඩවලට රජයෙන් සහයක් ලැබුණා. පාසල් නිල ඇඳුම්වලින් සියයට හැත්තෑ අටක් නිෂ්පාදනය කළේ අපි. චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් දෙනවා කියලා ඖෂධ සැපයුම් කරන ආයතන හරහා තමයි මේ ප්‍රදානය කරන්නේ. හදපු රෙදි තියෙද්දීම මැෂින් නවත්තලා තියෙනවා. හොඳ තත්වයෙන් යුතු නිල ඇඳුම් රෙද්දක් තමයි අපි නිෂ්පාදනය කර දුන්නේ.

අපේ මැෂින් 79ක් තිබුණා. දැනට දුවන්නේ 19ක් විතරයි. මැෂින් පනහක් වහල තියෙන්නේ. දේශීය නිෂ්පාදකයාට නිසි තැන ලැබිලා නෑ. අපේ රටේ දේවල් අපේ රටේම නිෂ්පාදනය කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ. 



අදහස් (0)

චීන රෙද්දට අපේ රෙදිපිළි කර්මාන්ත දාහක් අවදානමේ - සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site