IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


චිත්‍රා බොතේජු පදනමෙන් නොමිලේ කණ්නාඩි

චිත්‍රා බොතේජු පදනම පස් වැනි වතාවටත් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කාන්තාවනට නොමිලයේ ඇස් කණ්නාඩි පිරි නැමීය.

 



අදහස් (0)

චිත්‍රා බොතේජු පදනමෙන් නොමිලේ කණ්නාඩි

ටිරෙල් වනිගරත්න. Thursday, 14 March 2013 04:31 PM

මහනුවර උසස්‌ බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද, කොළඹ ගෝතමී බාලිකාවෙන් ද්විතීය අධ්‍යාපනය ද, දේවි බාලිකා විද්‍යාලයෙන් උසස්‌ අධ්‍යාපනයද ලබමින් චිත්‍රා කුලතුංග ශිෂ්‍යාව, පාසල් ශිෂ්‍ය නායිකාවක්‌ ලෙසද ප්‍රචලිත වූවාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරිවරිය වශයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේද, ශ්‍රී ලංකාවේ ප්‍රථම නඩත්තු ඉංජිනේරුවරිය වශයෙන් මහජන බැංකුවේ ද ඇය කටයුතු කළාය. දැනට ඕෂනිකා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක හා විධායක ඉංජිනේරුවරිය වන අතර 2008 නවලිය වෙන්ඩෝල් සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්‌වරක්‌ පමණක්‌ හිමිවන සඳමඬල සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේ සෑම අතින්ම සිත්ගත් කාන්තාව වූ නිසාය. මැලේසියාවේ අනුබද්ධිත ආයතනයක්‌ වූ සිaරි ජයන්ති මහා කරුණා යොවුන් මධ්‍යස්‌ථාන (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂවරිය හා විදුලි ඉංජිනේරුවරිය වශයෙන් කටයුතු කරන්නීද ඇයයි. ඇය ලන්ඩන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්‌ ආයතනයේ විදුලි ඉංජිනේරු උපාධිධාරිනියක්‌ වන අතර, ඉන්ස්‌ටිටියුෂන් ඔෆ් ඉන්කෝපරේටඩ් ඉංජිනියර්ස්‌ ආයතනයේ ෆෙලෝ සාමාජිකත්වය සහ බ්‍රිතාන්‍යයේ ඉන්ස්‌ටිටියුෂන් ඔෆ් මැනේඡ්මන්ට්‌ ආයතනයේ ෆෙලෝ සාමාජිකත්වය ලබා ඇත. තව ද රජයේ අනුමත පුණ්‍යායතනයක්‌ වන චිත්‍රා බොතේජු පදනමේ උප සභාපතිනිය වශයෙන් කටයුතු කරමින් සමාජ සේවයේ නියෑලී සිටින අතර නවලිය වෙන්ඩෝල් සම්මාන උළෙලේදී සෑම අතින්ම සිත්ගත් කාන්තාව ලෙස ජවතාවගේ ඡන්දය ලැබීමේ හේතුව ඇයගේ සමාජ සේවා කටයුතු නිසාවෙන්ම බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඇයට දේවි බාලිකා 2003 වර්ෂයේ 50 වෙනි ස්‌වර්ණ ජයන්ති උළෙලේදී ඉහළ කුසලතා සම්මානයද, 2001 වසරේ මධ්‍යම පළාත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත ව්‍යාපාරික සම්මානයක්‌ද, 2007 වසරේ ෆෙඩරේෂන් ඔෆ් චෙම්බර් ඔෆ් කොමර්ස්‌ ඇන්ඩ් ඉන්ඩස්‌ට්‍රීස්‌ ආයතනයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ව්‍යාපාරික සම්මානයක්‌ ද ලැබී ඇති අතර, සැබැවින්ම ඇය අපේ කාලයේ තවත් එක්‌ දිරිය කාන්තාවක්‌ ලෙසට පෙන්වා දිය හැක. සැබැවින්ම ඇය කඩිසරය. කාල කළමනාකරණයෙන් උපරිම ප්‍රයෝජනයක්‌ ගන්නා ඇය, තමාගේ සියලුම කටයුතු නිසියාකාරව කර ගැනීමේ අවස්‌ථාව උපරිමයෙන් උදාකරගෙන ඇත. සමාජ සේවයේ යෙදීමෙන් ජීවිතයේ සතුට බලාපොරොත්තු වන චිත්‍රා බොතේජු මහත්මිය මේතාක්‌ පැමිණි ගමන් මගේ සාර්ථකත්වය තම හමුවට පැමිණි අභියෝග ජය ගැනීම බව පැවසුවේ නිහතමානීවය. දයාබර බිරිඳක, ආදරණීය මවක මෙන්ම සෙනෙහෙබර මිත්තණියක වන චිත්‍රා බොතේජු මහත්මිය තමාගේ ගමන් මගේ ජයග්‍රහණයට තම සැමියා විශාල නුගරුකක්‌ ලෙසින් සෙවන ලබා දෙන බව පැවසීමටද අමතක නොකළාය. තම ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව පසිඳු සහ තෙමිදු යන තම මුණුබුරන් දෙදෙනා රටට, සමාජයට වැඩදායී පුද්ගලයන් දෙදෙනෙකු දායාද කිරීම බව ද ඇය පැවසුවාය. සෑම අතින්ම සිත්ගත් කාන්තාව ලෙසින්ද, සිත්ගත් සමාජ සේවිකාව ලෙසින් ද පාඨක සම්මානයට පාත්‍ර වූ චිත්‍රා බොතේජු මහත්මියට අපි සුබ පතමු. (නු)

:       0       0

පද්මා Wednesday, 13 March 2013 12:20 PM

කවුද ඒ චිත්‍රා බොතේජු කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නීලා Wednesday, 13 March 2013 12:25 PM

ඔබට පින් (දී)

:       0       0

රානි Wednesday, 13 March 2013 12:26 PM

පින් සිද්ධ වෙනවා (දී)

:       0       0

මාලක Wednesday, 13 March 2013 12:26 PM

මේකට දේශපාලන සම්බන්ධයක් නැහැ නේද? (නි)

:       0       0

නිමල් Wednesday, 13 March 2013 12:22 PM

ඔබතුමන්ට පින් සිදු (දී)

:       0       0

ලක්මාල් Friday, 15 March 2013 01:52 PM

ජාති ජාතිත් පලදෙන කර්මයක්(දී)

:       0       0

සුදේශ් Friday, 15 March 2013 01:53 PM

අපි සුභ පතනවා මේ සංවිධානයට (දී)

:       0       0

රිද්මා Friday, 15 March 2013 01:54 PM

පින් සිද්ද වෙනවා (දී)

:       0       0

පාලිත Friday, 15 March 2013 01:56 PM

බොහොම පින් (දී)

:       0       0

ලලීන්ද Sunday, 17 March 2013 12:50 PM

අපි කැමති මේ වැඩ වලට (දී)

:       0       0

ශාන්ත Sunday, 17 March 2013 12:46 PM

අපි අගය කල යුතුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 67 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 37 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site