

කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ රත්ගම ගාමිණී මහදුර
ඒ අයි තාක්ෂණයෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම එම්. ආර්. අයි. ස්කෑනරය සහිත ගාල්ල සමූපකාර රෝහලේ විශේෂිත රෝග නිශ්චය කිරීමේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉකුත්දා හිරිඹුර පාර කරාපිටිය යන ස්ථානයේදි විවෘත කෙරිණි.
මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ තෘතියික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ සභාපති නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුණ් අතිනි.
ගාල්ල සමූපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතා මෙහිදි පවසා සිටියේ රුපියල් මිලියන 400 ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ බවයි. මෙම ස්කෑනරයට අමතරව පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවශ්‍ය මැමෝග්‍රෑම් පරික්ෂාවද, දත්, කොඳුඇට පෙළේ සම්පූර්ණ එක්ස්රේ ගැනීමේ හැකියාව ඇති එක්ස්රේ පහසුකම් සහ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ පහසුකම්ද මෙම ස්ථානයෙන් ලබාගත හැකි බවද සභාපතිවරයා මෙහිදී පැවසීය. මහජනතාවට දැරිය හැකි මිලකට මෙම වෛද්‍ය පහසුකම් ලබාදිම තම අපේක්ෂාව බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
මෙම අවස්ථාවට ධීවර ජලජ සම්පත් හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, සමූපකාර ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්, ඇතුළු විශේෂඥවෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල සමූපකාර රෝහලේ විශේෂිත පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ