IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාව (NIA) ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරේ


ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාවක් වන Network In Action (NIA)  ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ව්‍යවසායකයන්ගේ, වෘත්තීයවේදීන්ගේ සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ව්‍යාපාර නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

NIA ශ්‍රී ලාංකික සහකරුවන් වන ජයදාස් කමලනාදන් සහ පමදීසන් ගෝපාලපිල්ලේ සංවිධානය කළ එම උත්සවයේදී NIA ක්‍රියාත්මක වන ආකාරය සහ එය සාම්ප්‍රදායික ජාලගතකරණ ප්‍රවේශවලින් වෙනස් වන ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබීමට සහභාගී වූ පිරිසට හැකි විය. උත්සවය ආරම්භයේදී නායකත්ව කණ්ඩායම මූලික ඉදිරිපත් කිරීමක් සිදු කළේය. NIAවර්ගයේ කණ්ඩායම් සැසියක්ද සංවිධානය කර තිබිණි. 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භ වූ NIA වේදිකාව ලොව පුරා රටවල් 200කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත. ඊට භෞතික කණ්ඩායම් රැස්වීම් මෙන්ම ආයෝජන ප්‍රතිලාභ මැන බැලීම සහ ශක්තිමත්, අඛණ්ඩ වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාර වන තාක්ෂණික වේදිකාවක්ද ඇතුළත් වේ. එම ව්‍යුහයම සහිත ශ්‍රී ලාංකික NIAපරිච්ඡේදය මාසික රැස්වීම්, කාර්යසාධනය මැනීම සඳහා වන ක්‍රමවේද, දීර්ඝකාලීන ව්‍යාපාර වටිනාකම් ගොඩනැගීම සඳහා වන ඉගැනුම් හුවමාරු වැඩසටහන් ආදියෙන් සමන්විත වනු ඇත. ආරම්භක උත්සවයේදී NIA Colombo හි ආරම්භක සාමාජිකයන් හමු වීමටත්, අර්ථවත් සංවාද සඳහා නිර්මාණය කළ පරිසරයක වෘත්තියවේදීන් සමඟ සම්බන්ධ වීමටත් ආරාධිතයන්ට හැකි විය. ව්‍යුහාත්මකභාවය, වගවීම සහ ගෝලීය ප්‍රමිති සඳහා වන ප්‍රවේශය සහිත ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කිරීම සිය දැක්ම බව සංවිධායක මණ්ඩලය පැවසීය. “ශ්‍රී ලංකාව සතුව අති විශාල දක්ෂ ව්‍යවසායකයන් සහ වෘත්තිවේදීන් පිරිසක් සිටිනවා. ඔවුන් සියලු‍ දෙනාට වඩාත් ගැළපෙන පිරිසක් සමඟ වර්ධනය ළඟා කර ගැනීම සඳහා වන අඛණ්ඩ මාවතක් අවශ්‍යයි. NIA Colombo හඳුන්වා දීමෙන් ඔවුන්ට එම මාවත නිර්මාණය කර දීමට අප බලාපොරොත්තු වෙනවා.” කමලනාදන් පැවසීය. “මෙය අලෙවිය හෝ ස්වයං ප්‍රවර්ධනය සඳහා වන මුලපිරීමක් නොවෙයි. සැබෑ වර්ධනය සඳහා අවශ්‍ය සැබෑ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට NIA Colombo සාමාජිකයන්ට අනිවාර්යයෙන්ම හැකි වේවි.” ගෝපාලපිල්ලේ පැවසීය. 



අදහස් (0)

ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාව (NIA) ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site