පෑලියගොඩ හා තෙලගපාත ප්‍රදේශයන්හි ගොඩබිම් වරාය 2 ක් ඉදිකිරීමට ශී්‍රලංකා වරාය අධිකාරිය සැරසේ.
මේ සදහා එම ප්‍රදේශයන්හි අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයක් භාවිතා කෙරෙනු ඇතැයි සදහන්ය.
ගොඩබිම් වරායන් භාවිතා වනුයේ මුහුදු වරායන්ගේ සිට ගෙන එනු ලබන බහාලූම් ගබඩා කිරීමටය.
අනතුරුව ගොඩබිම් වරායන්හි සිට රට පුරා ඒවා ඛෙදා හැරෙයි.
මෙය මුහුද වරායන්වල ඇතිවන තදබදය අවම කරනවා මෙන්ම වඩා කාර්යක්ෂම ලෙස රට පුරා භාණ්ඩ ඛෙදාහැරීමටද මාර්ගය පාදයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතියට යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිඛෙන අතර ඊට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ හැදෙන්න ඕන අය දැන් හැදිලා ඉවරයි කියලා. කොච්චර කෑවත් මදි වගේ. (අ)
ස්වභාව ධර්මයට විරුද්දව යන මේ ගමන තව කොතෙක් දුර යා හැකිද???? (දී)
මම නම් මේවා දකින්නේ සංවර්ධනය කියලයි (දී)
මහජනයා ඉදිරිපිට දේශපාලකයා නිරුවත්.(නදී)
නරකද මුහුදේ මැද්දේ ගොඩකරලා තණකොළ පිට්ටනියක් එක්ක හරක් පට්ටියක් හදල ලංකාවේ පිටිකිරි හිඟය නැති කලානම්???????? (දී)
මුහුදෙත් පුළුවන්නේ ගුවන් තොටුපොළක් හදන්න (දිල්)
ගොඩ බිම වාරයක් ? මීට කලින් අහලත් නැහැ දැකලත් නැහැ (දිල්)
වෙන රටවල් වල මුහුද ප්‍රයෝජනයට ගෙන වරයාවල් ඉදිකරනවා. අපේ රටේ ගොඩ බිම හාරා වරායවල් ඉදිකරනවා මෙයින් අපේ රටේ සිතියම වෙනස්වන අතර තව තවත් රට ප්‍රමාණයෙන් අඩුවේ.(නදී)
බුද්දික, කන්න කන්න ආසා හිතෙන කෑම....කොමිස් (දී)
පෙරේරා මහතාගේ අදහස නම් හොදයි. (නි)
ඔය වගේම වරායක් නුවර එලියේත් හැදුවා නම්. (නදී)
තව කෝට් ගණනක් ගහන්න හදන වැඩක්. දෙවියන්ගේම පිහිටයි ලංකාවේ මිනිස්සුන්ට.(නදී)
බලන්න ,බහාලුම්,නැවත අපනයනය කිරීමේදී මේ දක්වා ඇති වෙනස. (නදී)
දැන් ලංකාව හරි දියුණුයි.(නදී)
ලංකාවේ මොනවා හෝ ඉදිකිරීම් සිදුවෙනවානම් හොඳයි. ඒවායින් රටේ රැකියා ප්‍රශ්නය උනත් තාවකාලිකව හරි විසදෙනවා. නමුත් මම හිතන්නේ රටේ මොනවා හරි නිෂ්පාදනය කිරීමට මුල් තැන දියයුතුයි. එතකොට අමු ද්‍රව්‍ය ආනයනයට, නිමි ද්‍රව්‍ය අපනයනයට, අපිට නව වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම මේ ප්‍රවෘත්තියේ දැක්වෙන විදියේ ගොඩබිම් බහලුම් අංගන ආදිය උවමනා වේවි. එහෙම නැතුව දැනට ආනයනය කරන එතනෝල් , හෙරෝයින් හෝ අපනයනය කරන කසල තේ, වල්ල පට්ට, වලට නම් මේ තියන වරායවල් ගුවන් තොටුපළවල් ඕනෑවටත් වැඩියි. (නදී)
නියමයි ... සැහෙන්න ගානක් ලැබෙනවා ඇති... (දී)
පිස්සු නැත්නම් ෂෝක්.(නදී)
ලංකාවේ ණයවල පොලියෙන් විතරක් කටුනායක වගේ අදිවේගී 20 ක් හදන්න පුළුවන් කියල එක වැඩසටහනක කිව්වා මේක ඇත්තද (අ)
ලංකාවේ එක පුද්ගලයෙක් ලක්ෂ 3 ක් ණයලු. ඒ කියන්නේ එක පවුලක් ආසන්න වශයෙන් ලක්ෂ 12. ණයේ හැටියට හැම පවුලක්ම නයට කාර් එකක් අරන් වගේ (අ)
මේ වගේ අපරාද කරන්න එපා. කොමිස් ගහගෙන අපේ රට කන වැඩක් මේ. මට ගොඩක් දුකයි. මේක නවත්වන්න පියවර ගමු.(නදී)
චීනයේ වරායන්වලට ගිහිල්ලා තමා යන්නේ. ආපසු යනකොටත් ඒ විදියම තමා. අපේ රටට ගොඩබාලා නැවත පටවන්න තැනක් දැන් ඉතුරුවෙලා නැහැ, බොහෝවේලාවට ලංකාවට ගේන සහ ලංකාවෙන් යවන බඩුත් සිංගප්පූරුවේ හෝ ඩුබායි වලදී ප්‍රතිනැව්ගත කරලා තමා ගමනාන්තයට යන්නේ. දැන් ලෝකයේ නැව් ගමනාගමනය සිංගප්පූරුව හා ඩුබායි කේන්ද්‍ර කරගෙන සිදුවන නිසා ලංකාවට තරඟ කරන්න අමාරුයි. හම්බන්තොට පහු කරගෙන දවසකට මෙච්චර නැව් යනවා, අපට එයින් සීයට දහයක් ආවත් ඇති කියලා කිව්වට සීයට එකක්වත් එන්නේ නැහැ. ප්‍රයිවෙට් බස් වගේ හැම හාබර් එකක් ගානෙම නැව් යන්නේ නැහැ. (දිල්)
රවින්, ප්‍රති නැව්ගත කරන්න අවශ්‍ය ඉඩකඩ අපේ දැනට තියෙන වරායන් වල තියෙනවා. මේක රට චිනට නයවෙන තවත් අනවශ්‍ය ව්‍යපෘතියක් නේද? මේවායින් කොමිස් ගහන කට්ටිය වැඩියි ඉඩම් ටිකට මොකද වෙන්නේ? (නදී)
මේ හදන්න යන්නේ බහලුම් ගබඩා පර්යන්තයක් හා රේගු නිෂ්කාශන මද්‍යස්ථානයක්. කෙටියෙන් කියනවා නම් දැනට ශ්‍රී ලංකා රේගුව විසින් පාලනය කරන ඔරුගොඩවත්ත හන්දියේ තියන රෙගු නිෂ්කාශන මද්‍යස්ථානය වගේ එකක්. හැබැයි එයිට වැඩිය විශාල තැනක් වෙයි එච්චරයි, මෙමගින් කලාපිය ප්‍රති නැව්ගත කිරීම මගින් අතිරේක අදායමක් රටට ලබාගන්න පුළුවනි, හොරකම සමග රටක් නංවන්න පුළුවන් කියලා මැලේසියාව පෙන්නලා දුන්න. දැන් ලංකාවත් ඒ මග යනවා.(නදී)
හම්බන්තොට කෘතීම වරාය වැරදීමක් නොවෙයි. ඒක ලංකාවේ ජනගහනයෙන් 15% කට සුරලොව යන්න උදව් කල චීනය ට කළ කෘතඥතා පුර්වක සැලකීමක්. අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථිකය විතරක් නොවෙයි භූගෝලය තීරණය කරන්නෙත් චීන්නුන් බව රටේ ජනතාවට තවම තේරිලා නැහැ. (නදී)
ලොකු ව්‍යාපෘති වලින් තමා කාට කාට උනත් ලොකු දේවල් ලැබෙන්නේ. නයට ගන්න සල්ලි හින්දා ගෙවන්නේ පොදුවේ අපි හැමෝමනේ .ව්‍යාපෘතියෙන් රටට සේවයක් වෙනවද නැද්ද කියන දේ එතරම් වැදගත් නැහැ. (නදී)
විශාල ජනගහනයක් සමගම ඉඩකඩම් වලට විශාල ඉල්ලුමක් ඇති කොළඹ, අවට තිබෙන ගොඩබිමත් නැතිකර දමන්න යෝජනා කරන්නේ මොන විදියේ අයද? (නදී)
දැන් කොහේ මොන වරායේද තදබදයක් තියෙන්නේ. (නදී)
හත් දෙවියනේ ගොඩ බිම කපල මුහුද රට ඇතුලට ගෙනල්ල හදපු වරාය මදිවාටද ලෝකෙටම නය වෙලා වැඩක් නැති දේට සල්ලි නාස්ති කරන්නේ? (නදී)