IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොළඹ මහ නගර සභාවට පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක්

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (COIKA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 8.5 ක ආධාර

නිමල කොඩිතුවක්කු

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ  (COIKA)  ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙළෙඳ බදු සහ මුද්දර ගාස්තු යන ප්‍රධාන ආදායම් ප්‍රභව 4 මඟින් කොළඹ මහ නගර සභාව ඉහළ ආදායමක් උත්පාදනය කරනු ලබයි. එම ආදායම් ප්‍රභව 4 ස්වයංක්‍රීය කරණය කිරීමෙන් සමස්ත ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක ආධාර මුදලක් ලබා දීමට කොරියානු ජාත්‍යන්තර යහයෝගිතා නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ. එකී එකඟතාව පිළිබඳව සම්මුතිය සඳහා නීතිපති අවසරය  සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකගතාව ලබා ගෙන ඇත. ඒ අනුව කොරියා ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින් කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන එකතාව පිළිබඳව සම්මුතියට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළඹ මහ නගර සභාවට පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site