ආහාර ද්‍රව්‍ය 31ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) අදාළ නොවන බව වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
හාල්මැස්සන්, අර්තාපල්, රතුලූණු, බොම්බයි ලූණු, සුදුලූණු, වටානා, කඩල, මුංඇට, පරිප්පු, වියළි මිරිස්, ටින් මාළු, සීනි, උදු, කව්පි, කුරක්කන්, උම්බලකඩ, කරවල, දොඩම්, මිදි, ඇපල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කහ, උළුහාල්, කුරක්කන්පිටි, උදු පිටි, රටකජු, අබ, එළවළු තෙල්, මාළු, මැකරල් මාළු, යෝගට්, මාගරින්, ලුණු, රට ඉඳ ඉම ආහාර ද්‍රව්‍යයයි.
විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සහ අධි තාක්ෂණ උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි දෙවැනිදායින් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් බදු නිදහස් කිරීම මැයි මස දෙවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කොහොමද සහනයක් වෙන්නේ? කොහොමත් මේවට වැට් බදු තිබුනේ නැහැනේ? (බ)
මේ බඩුවල මිල ඉදිරියේදී අඩු වෙයිද?(හේ)
කිසිම සහනයක් නෑ.බඩු මිල අහස උසට නැගලා.(හේ)
දන්න විදියටනම් කිසිම සහනයක් නෑ. කඩේකට ගිහින් බලන්න ඕනේ.එදා වේල කන මිනිස්සු තමයි ඒකේ රගේ දන්නේ.(හේ)
කක්කුසියට නම් සහන ලැබෙයි වගේ.(හේ)
කිසිම සහනයක්නම් නෑ.(හේ)
බොරුවෙන්ම තමයි රට ගෙනියන්න හදන්නේ අපි හරක් කියලා හිතාගෙන (හේ)
කිසිම දෙයක් අඩුවට ගන්න බෑ.(හේ)
අනේ මෙවුන් බොරු කියන හැටි බොරුවෙන්ම තමයි රට ගෙනියන්න හදන්නේ අපි හරක් කියල හිතාගෙන (බ)
නොදන්නා නිසයි අහන්නේ. කුරක්කන්, රටකජු වැනි ලංකාවේ වැවෙන බෝග වලට වැට් නැති බව කීමේ තේරුම කුමක්ද? මීට කලින් මෙම ද්‍රව්‍ය වලට වැට් බදු තිබුනාද? (නි)
අපි වගාකරන රට කජු, කුරක්කන් වලට මීටපෙරත් වැට් බදු තිබුනද? (නි)
කලින් සීනි වලට වැට් තිබුණා. කුරක්කන්,රටකජු ආදිය ආනයනය කිරීමේදී වැට් නැති බවයි කියලා තියෙන්නේ (නි)