IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැසිනෝ දායකත්වයෙන් සංචාරක ආදායමේ පංගුව සියයට 10ක් දක්වා ඉහළ නැංවීමේ අපේක්ෂාවක්

භානුක අමරසිංහ 


2024 වසරේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක් වූ සංචාරක ආදායමේ පංගුව, ඉක්මනින්ම සියයට සියයට 10ක් බවට පත් කරගැනීම රජයේ අරමුණ වී ඇතැයි වාර්තා පවසයි. 
වි‍ශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරය හරහා මෙරට වෙත ආකර්ෂණය කරගන්නා ඉහළ වියදම් හැකියාවක් සහිත ධනවත් සංචාරකයන් මගින් මෙම ඉලක්කය සපුරා ගැනීම රජයේ අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පසුගියදා රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ. 
“අප සතුව පවතින ආර්ථික කාරණා නිරාකරණය කරන්න සංචාරක කර්මාන්තය කියන්නේ අතිශය වැදගත් කරුණක්. ඒ නිසා මේ ඉදිරි වසර කිහිපයේදී අපි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගන්න කෙටි කාලීන වැඩසටහන් සිදු කරනවා. එහෙත් ඉදිරියේදී අපි දිගුකාලීනව වඩාත් ගුණාත්මක බවින් යුත්, තිරසාර ඉහළ ආදායමක් සහිත සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට උත්සාහ කරනවා. කැසිනෝ සහ සූදු ක්‍රීඩාව       එතැනදී එක් අංගයක් වේවි.“ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. 

2024 වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණි අතර ඒ හරහා ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.7 කි. මේ වසරේදී ලක්ෂ 30ක සංචාරක ඉලක්කයක් හරහා ඩොලර් බිලියන 5ක ආදායමක් රැස් කරගැනීම රජයේ අරමුණ වී තිබේ. 
අද වනවිට විදේශ ප්‍රේෂණ සහ ඇඟලු‍ම් අපනයෙන් අනතුරුව මෙරට වෙත වැඩිම විදේශ විනිමයක් හිමිවන අංශය වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.



අදහස් (0)

කැසිනෝ දායකත්වයෙන් සංචාරක ආදායමේ පංගුව සියයට 10ක් දක්වා ඉහළ නැංවීමේ අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site