IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාසි හා​ නෝට්ටු මුද්‍රණයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.5ක්


විමුක්ති එස් රුද්‍රිගු


කාසි හා නෝට්ටු පරිහරණය කිරීමට රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණ වැය වෙන බවත් මෙරට අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් වන්නේ සියයට 2 ක ප්‍රතිශතයක් බවත් ලංකා පේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඩිජිටල්කරණය ව්‍යාප්ත වෙමින් පැවතුණත් තවමත් මෙරට රුපියල් ට්‍රිලියන 1.3 ක මුදල් සංසරණය වන බවත් එයත් කාර්තුමය වශයෙන් ඉහළ යන බවත් ඔහු පැවැසුවේය. මුදල් සංසරණය අවම කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ට විශාල දායකත්වයක් ලබාදිය හැකි බවත් ඔවුන් ඩිජිටල්කරණයට යොමුවුවහොත් ඔවුන්ට මෙන්ම රටටද වාසි අත්වන බවත් සිල්වා මහතා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඩිජිටල් කරණයට යොමු වුවහොත් මුදල් සාක්ෂරතාව මෙන්ම ඔවුන්ගේ ණය ගැනීමේ හැකියාවද වැඩිදියුණු වන බව ඔහු ප්‍රකාශ කළේය. ඩිජිටල් ගෙවීම ලබා ගැනීමෙන් සියලු‍ම මුදල් බැංකු ගිණුම් වෙත වැටෙන බවත් එහිදී එම ආදායම් දෙස බලා බැංකුවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසකයන්ට ණය ලබාදීම පිළිබඳව තීරණයක් ගත හැකි බවත් සිල්වා මහතා පැවැසුවේය.



අදහස් (0)

කාසි හා​ නෝට්ටු මුද්‍රණයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site