IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැ

(හර්ෂණ තුෂාර සිල්වා)

ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය ඉල්ලීමක් කරයි.

ඒ අනුව මුදල් ණයට දීමේ ආඥා පනත යාවත්කාලීන කරන්නැයි ද නව ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙන එන්නැයි ද ඉල්ලන බව එම සංගමය සඳහන් කරයි.

මුදල් ණයට දීමේ ආඥා පනත ඉතා පැරැණි බවත් අදට නොගැළපෙන බවත් තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත වෙනුවට නව ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙනා යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ නීති උපදේශිකා ශිරන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

නව සංශෝධන ගෙන ඒම තුළින් දැනට තිබෙන අඩුපාඩු මඟහරවා ගත හැකි බවත් ඒ අනුව ලියාපදිංචි නොවන කිසිදු ආයතනයකට මූල්‍ය පහසුකම් ලබා දීමට නොහැකි වනු ඇති බවත් ඇය කීවාය.

‘‘1918 මුදල් ණයට දීමේ ආඥා පනත ඉතා පරණයි. ඒ වගේම මෑතකදී ගෙනාපු ක්ෂුද්‍ර මූල්‍ය පනතේ අඩුපාඩු තිබෙනවා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් තිබුණ ද තවත් පාර්ශව රැසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය දීම කරගෙන යනවා. මේ තත්ත්වය නිසා මූල්‍ය පිළිබඳව ද ජනතාව අතර කනස්සලක් ඇති වී තිබෙනවා. ඒ වගේම විශ්වාසය බිඳවැටිලා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ නිසා අපට විතරක් මූල්‍ය පහසුකම් ලබාදීමට හැකිවන පරිදි අදාළ සංශෝධන කරන්නැයි අපි ඉල්ලනවා. ඒ තුළින් මූල්‍ය සමාගම් නිසි පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වෙනවා’’ යැයි ද ඇය කීවය.

ඊට අමතරව දැනට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ, ණය නොගෙවීම් ආදී ප්‍රශ්නවලදී අධිකරණයට යෑම හෝ සමථ මණ්ඩලයට යෑම වෙනුවට ඒ සඳහා වෙනමම බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නැයි අපි ඉල්ලීමක් කරනවා යැයි ද ඇය තවදුරටත් පැවැසුවාය.

 

 

 



අදහස් (0)

ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site