IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කෘෂි නවීකරණ ව්‍යාපෘතියකට මිලියන .12,000ක්

නව කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා එම ව්‍යාපෘතිය මගින්  ගොවි නිෂ්පාදන මිලට ගන්නා  සමාගම් හා  ගොවීන් අතර ගිවිසුමක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී අත්සන් තැබිණි.
 
මෙම ව්‍යාපෘතිය සඳහා  රුපියල් මිලියන 12,000ක් වෙන් කර  ඇතැයි කෘෂි අමාත්‍යංශය පවසයි.
 
දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළදපල හඳුන්වාදීම සහ පෞද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපල පහසුකම් සැලසීමටත්, වගා කිරීමේදී නවීන තාක්ෂණය ලබා දීම, ගුණාත්මක ගොවි නිෂ්පාදන ලබා දීම  මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
 
මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්  කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා  විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
 
ඒ අනුව වඩාත් උචිතම සහ වෙළදපොල ඉල්ලුමක් ඇති බෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද අමාත්‍යංශය සඳහන් කරයි.
 
ආරම්භයේදී පළාත් 5 ක  හා දිස්ත්‍රික්ක 7 ක ව්‍යෘපෘති ක්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද, යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා කෙරෙයි.
 
නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම , නිෂ්පාදන වියදම අඩුකර ගැනීම , පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
 
ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික් සඳහා පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදුවූ අතර ,එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගම ද,  නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගම ද ,  උතුරුමැද ගස්ලබු හේලීස් සමාගම ද,  ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගම ද , උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින් ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම  ගිවිසුම් වලට මෙහිදී එළඹ ගන්නා ලදී.
 
ගිවිසුම හරහා එම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව  පවතින බව අමාත්‍යංශය පවසයි.

(36698)



අදහස් (1)

කෘෂි නවීකරණ ව්‍යාපෘතියකට මිලියන .12,000ක්

Raveendra Monday, 18 February 2019 06:56 AM

හොඳවෙලාවට "හැරී කුමාරයාගෙන්" කව්රුවත්ම ඇහැව්වේ නැහැ "හැරී පුතාගේ" ගාන කීයද කියලා...

:       0       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 222 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 742 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1167 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site