ඉන්දියාවේ නිෂ්පාදිත රෙනෝල්ට් ක්විඩ් මෝටර් රථ යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා වේගවත් අලෙවියක් තිබූ මෙම මෝටර් රියේ ඉන්ධන පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි කියති.
2016 මැයි 18 වැනිදාට පෙර නිපදවූ මෝටර් රථ මෙසේ යළි කැඳවා ඇති අතර ගැටලු තිබෙන මෝටර් රථ ප්‍රමාණය කොතෙක් ද යන්න එම සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැත.
ජපානයෙන් ගෙන්වන මෝටර් රථ සඳහා විශාල වශයෙන් බදු පැනවීම හේතුවෙන් ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාවේ ද මෙම ක්විඩ් මෝටර් රථය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණි. නමුත් එහි පවතින විවිධ දුර්වලතා රැසක් පිළිබඳ පසුගිය සමයේ මෝටර් රථ ඉංජිනේරුවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම තමා ඩට්සුන් ගෝ එකත්. ගෝ ම තමා. මහේ එකත් ගිය සතියේ ගත්තේ. එ්කත් මම දෙනවා ගත්ත තැනටම. ජාරාවක්. හරියට අපේ දේශපාලුවන්ට රැවටෙනවා වගේ. සුදු පාටට බැබළි බැබළි එනකොට කතිරේ ගහනවා. සතියට දෙකට එපා වෙනවා. (නි)
දැන් ඉන්දියන් වාහන වලට බනිනවා එතකොට බජාජ් 3 විල් හොඳද කෝකත් එකයි ඇල්ටෝ හොදි කිව්වාට හොදනෑ පොඩි වරදවල් වෙනවා ඒවා පිලි අරගෙන අයතනයක් විදියට හදල දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ තව මොනාද කියන්නේ හොද හෝ නරක පාරිබෝගික ඔබ සතු දෙයක් (අ)
දැන ඉන්දියන් වාහන වලට බනිනවා. එතකොට බජාජ් ත්‍රීවිල් හොඳද? කෝකත් එකයි. පොඩි වැරදි වෙනවා. ඒවා පිළිගෙන හොඳින් හදලා දෙන්න පොරොන්දු වෙලානේ ඉන්නේ. තව මොනවද කියන්නේ? හොඳ හෝ නරක පාරිභෝගික ඔබ සතු දෙයක් (නි)
වාහනය හොඳ මදි නම් නොගෙන හිටියම හරිනේ. ලොකු ලෙඩ තියෙනවා නම් මේවා එළියට දායිද? (නි)
ජනහිත, බඩු විතරක් නොවෙයි මිනිස්සුත් බාලයි
අපේ ඇත්තෝ හිතන විදිහට ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියනේ. ඒ නිසා, අතීතයේ ඉඳලම එහෙම හිතලා වැඩ කළ හින්දා තමයි ඉන්දියානු හැම කුණු ගොඩක්ම අපි කරගහ ගත්තේ. හැබැයි අපේ අයට කාලා දිරවා ගන්න බැරිවුණාම තමයි කරුණු කාරණා අවබෝධ වෙන්නේ. එතකොට ඉතින් වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
අනෙක් දේවලුත් ඉතින් ඔහොමම තමයි (නි)
ලාභ බඩුවේ හිලක් තියෙනවා කියනවනේ (නි)
අපේ ඇත්තෝ හිතන විදිහට ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියනේ. ඒ නිසා, අතීතයේ ඉඳලම එහෙම හිතලා වැඩ කරපු හින්දා තමයි ඉන්දියානු හැම කුණු ගොඩක්ම අපි කරගහගත්තේ. හැබැයි අපේ අයට කාලා දිරවා ගන්න බැරිවුණාම තමයි කරුණු කාරණා අවබෝධ වෙන්නේ. එතකොට ඉතින් වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
අනෙක් වාහනත් මෙහෙමද දන්නෙ නැහැ (නි)
මේ රටේ හොර දේශපාලකයන් හොද ඒවට බදු ගහනවා කුණු ගොඩවල් ගේන්න දෙනවා. අර මුදල් ඇමතිය කියුවේ ලංකාවේ වාහන වැඩියි දැන් පාරෙ යන්න බෑ කියල. (අ)
ආපෝ ..ඉන්දියාවෙන් නම් ඉතින් අශුචි ගොඩක් තමයි...ඔය රටේ දේවල් ගන්න එපා මිනිස්සුනේ...තව මොකක්ද අශුචි ගිවිසුමකුත් ළඟදීම අත්සන් කළොත් මේක ඉන්දියාවේ අසුචිගාරයම වේවි. අනේ මගේ රටට ගිය කලක්. 1960 ගණන් වලින් පස්සේ රටට ආදරේ එකම එක දේශපාලනඥයෙක්වත් බිහිවුනේ නැහැ. (බ)
මේ රටේ දේශපාලකයන් හොද ඒවට බදු ගහනවා කුණු ගොඩවල් ගේන්නන්න දෙනවා. අර මුදල් ඇමතිය කියුවේ ලංකාවේ වාහන වැඩියි දැන් පාරෙ යන්න බෑ කියල. ඉන්දියාවේ ඒවට මේ තර්කෙ අදාල නැද්ද. මිනිස්සුන්ට තිබුණ ජීවන තත්ත්වයත් නැති කළා. (අ)
හිතවත් පාරිබෝගිකය සැමවිටම ජපන් වාහනයක්ම තෝරාගන්න. රෙජිස්ටර්ඩ් වුනත් එය වටිනවා. ඉන්දියාවේ වාහන නිපදවන්නේ පරණ යකඩ භාවිතා කරලා අවුරුදු දෙකක් යනකොට මේවා දිරනවා. (බ)
පාලකයිනි, තමන්ගේ දේශපාලන කරනමට සහයෝගය දැක්වූ පලියට මෙවැනි මිනිසාට භාවිතයට නුසුදුසු වාහන ඉන්දියාවෙන් ආනයනය කරන්න එපා. (බ)
අපේරටේ ඉන්න මේ නායකයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි. ජපනනයේ නිපදවන වාහනවල මිල අඩු කරලා ලංකවෙ සියළුම දෙනාට සැපවහනයක් ගන්න වැඩසටහනක් කරන්න අැමතිලට පමණි දැන් ජපන් වාහන (අ)
ඉන්දියාව කියන්නේ බාල බඩු හදන රටක්නේ. කාර් නෙමෙයි කෑම හදන භාජනයත් එහෙමයි (නි)