IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට

නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ  යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම පුරෝකථන ඇතුළත් මධ්‍ය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් එම සංවිධානය ඒ බව සඳහන් කර ඇත.
 
මෙම ආර්ථික පසුබැසීම, 1930 වසරේ ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දෙන ‘‘සියුම් ම ආර්ථික හැකිළීම’’ මෙය යැයි ද පැවසේ.
 
ලෝක ආර්ථිකය මෙලෙස කඩා වැටීමෙන් ලොවපුරා මිලියන 34.3කට ආසන්න ජනතාවක් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම පිරිසගෙන් වැඩිදෙනකු ජීවත් වන්නේ අප්‍රිකානු මහද්වීපයේ බව ද පැවසේ.
 
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වසරේ දී හා ලබන වසරේ දී ගෝලීය ආර්ථිකයේ නිමැවුම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 8.5කින් කපාහරිනු ඇතැයි ද පැවසේ. එම මුදල ලෝක ආර්ථිකය වසර හතරක් මුළුල්ලේ එක්රැස් කරගත ආර්ථික ප්‍රතිලාභවලට සමාන වේ.
 
මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.5ක සාමාන්‍ය අගයකින් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වසරේ ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය.
 
අල්ජසීරා 


(055)



අදහස් (0)

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 38 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site