IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කලාපීය සූර්ය සහයෝගීතාව වර්ධනය කිරීමට ISA ආසියා-පැසිෆික් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරියගේ සහාය

 

  • 2023 වනවිට ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් සියයට 70ක්පුනර්ජනනීය බලශක්තියෙන්

පිරිසුදු බලශක්ති සහයෝගීතාව සවිබල ගන්වන ප්‍රමුඛතම සංවිධානයක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ දැවැන්ත මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර සූර්ය බලශක්තිය සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වැනි සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් මෙම අවස්ථාව විවෘත කළ අතර එහි සමාරම්භක දේශනය පවත්වමින් ඇය ‘බලශක්ති සමානාත්මකභාවයේ වැදගත්කම අවධාරණය කළාය. එහිදී ඇය විසින් ගැඹුරු කලාපීය සහයෝගීතාව සහ තාක්ෂණය අන්තර්ගත වූ  ප්‍රවේශයක් පිළිබඳ සඳහන් කළ අතර  සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය සහ කුඩා දූපත්  (SIDS) මෙන්ම පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා අවධානය යොමු කරමින් සහයෝගය ලබාදෙන මෙන්  ඉල්ලා සිටියාය. 

“සූර්ය බලශක්ති පහසුකම් ගෝලීය වශයෙන් පුළුල් කිරීම සඳහා ISA විසින් දරන මෙම ප්‍රයත්නය අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ඔස්සේ මෙම කලාපයේ කුඩා දූපත්, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වැඩි අවධානයක්  ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙම රටවල් ඉහළ පිරිවැය, සීමිත ඉඩකඩ සහ ජාලක සීමාවලට මුහුණ දෙමින් සිටිනවා. එහෙත් සූර්ය බලශක්ති බෙදාහැරීම සහ  ගබඩා පදනම් කරගත් විසඳුම් පිළිබඳ ඉහළ හැකියාවක් ද දක්නට ලැබෙනවා.  ISA  හි උපායමාර්ගික කරුණු හතර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ද අපි ලබා දෙනවා. එමෙන්ම සූර්ය බලශක්ති පුහුණුව සහ පර්යේෂණ සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ STAR මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද අපි කටයුතු කරමින් සිටිනවා.”‍ ISA සහ ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරිත්වය පිළිබඳ ගිවිසුම ද (CPF) මෙහිදී අග්‍රාමාත්‍යවරිය ඉදිරියේදී අත්සන් කළ අතර එය මෙම අවස්ථාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ISA අධ්‍යක්ෂ ජනරාල් අශිෂ් ඛන්නා මහත්වරු විසින් මෙම ගිවිසුම හුවමාරු කරගන්නා ලදී.  ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති යෙදවීම, මූල්‍යකරණය සහ ආයතනික ධාරිතාව කාර්යක්ෂම  කිරීම සඳහා උපායමාර්ගික කරුණු රැසක් මෙම ගිවිසුම මගින් දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙසේ සඳහන් කළේය. “2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීම සහ 2050 වන විට කාබන් උදාසීනත්වයට ළඟා වීම අපගේ ජාතික ඉලක්කයයි. ISA හි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාක්ෂියක් වන ISA SIDS වේදිකාව සඳහා සහාය දැක්වීමේ මෙම ගිවිසුම අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. පරිමාණ ආර්ථිකයන්ගෙන්, තරගකාරී ලංසු තැබීම හරහා ගනුදෙනු පිරිවැය අවම කිරීමෙන් සහ වැඩිදියුණු කළ දැනුම හුවමාරු කිරීමෙන් කුඩා දූපත්වලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම ගිවිසුම ඉවහල් වෙනවා. ISA හි ඉලක්ක ක්‍රියා බවට පත්වීම මෙම හවුල්කාරිත්ව රාමුවෙන් පැහැදිලිව වන අතර එය කලාපීය සහයෝගීතාව වෙත පරිවර්තනීය බලපෑමක් සිදුකරනවා.”‍

මේ සම්බන්ධයෙන්  අදහස් එකතු කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙසේ ප්‍රකාශ කළේය.  “අපේක්ෂිත කාලයෙන් වසර 05කට පෙර පොසිල නොවන ප්‍රභවයන්ගෙන් නිපදවූ සියයට 50ක විදුලි ධාරිතාවක් ලබා ගැනීම ඔස්සේ ඉන්දියාවේ බලශක්ති සංක්‍රමණ ගමන මැනවින් නිරූපණය කරන අතර සාමූහික අභිලාෂ සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ඔස්සේ ලබා ගත හැකි දේවල් පිළිබඳ කදිම සාක්ෂියක් එමඟින් සපයනවා. 

ඉන්දියාව සහ ප්‍රංශය එක්ව නිර්මාණය කරන ලද   ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදය, විශේෂයෙන්ම SIDS සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල  සූර්ය බලශක්ති විසඳුම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලගතු වේදිකාවක් බවට අද වන විට පත් වී  තිබෙනවා.

ISA අධ්‍යක්ෂ ජනරාල් අශිෂ් ඛන්නා මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය. ”‍ගෝලීය සූර්ය බලශක්ති ව්‍යාප්තිය තුළ ඉහළ විවිධත්වයක් සහ බෙදාගත් අභිලාෂ සහිත ආසියා සහ පැසිෆික් කලාපය විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. අපි අභිලාෂ ඔස්සේ ක්‍රියා වෙත ගමන් කරන විට, ප්‍රායෝගික මෙන්ම ක්‍රියාකාරී න්‍යාය පත්‍රයක් අර්ථදැක්වීම සඳහා කාලෝචිත සහ උපායමාර්ගික වේදිකාවක් මෙම කලාපීය කමිටු රැස්වීම මඟින් ලබා දී තිබෙනවා. 

මෙම කලාපයේ ISA හි ප්‍රවේශය ‘පෞද්ගලික  අංශයේ සහභාගීත්වය සක්‍රීය කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍ය පහසුකම් යෙදවීම, ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ආයතනික හැකියාව සවිමත් කිරීම, සම්බන්ධීකරණය සහ දැනුම බෙදා ගැනීම සඳහා කලාපීය වේදිකා පෝෂණය කිරීම සහ කාර්යක්ෂම බලශක්ති සංක්‍රමණයක් වෙනුවෙන් නවෝත්පාදන සහ තාක්‍ෂණය  සක්‍රීය කිරීම‘ යන ප්‍රධාන කරුණු 04 පදනම් කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. අපි සෑම සාමාජික රටක් සමඟම සමීප හවුල්කාරිත්වයක් ගොඩනඟා ගනිමින්, ආසියා-පැසිෆික් කලාපයට ගැළපෙන  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අනාගතයක් සකස් කිරීම සඳහා  ජාතික ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමුකළ සැලසුම් නිර්මාණය කරමින් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට කැපවී සිටිනවා.”‍ 



අදහස් (0)

කලාපීය සූර්ය සහයෝගීතාව වර්ධනය කිරීමට ISA ආසියා-පැසිෆික් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරියගේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site