IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රීඩා සහAthleisure පාවහන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සිග්නේචර් කැම්පස් ඇක්ටිව්වෙයා සමග හවුල් වේ

හමීඩියා සමූහයේ අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන සිග්නේචර්, ඉන්දියාවේ විශාලතම ක්‍රීඩා සහ Athleisure  හෙවත් ක්‍රීඩා විනෝදාස්වාද පාවහන් නිෂ්පාදකයකු වන කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ් සමග එක්ව නවතම ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ.

කැම්පස් පාවහන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරවලදී, H Sports අලෙවි සල්වලින්, සුවිශේෂී සිල්ලර හවුල්කරුවන්ගේ පුළුල් ජාලයකින් මෙන්ම දිවයින පුරා බෙදාහැරීම් සමග  https://signature.lk වෙතින් මාර්ගගතව ලබා ගත හැකිය. කැම්පස් සන්නාමය තොග සහ සිල්ලර මිලදී ගැනීම් සඳහා ද ලබා ගත හැකි අතර, එමගින් පුළුල් පරාසයක පාරිභෝගිකයන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.

කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ්, 2005 දී ආරම්භ කළ වසරේ පටන්, ඉන්දීය පාවහන් කර්මාන්තයේ විප්ලවීය වෙනස්කම් ඇති කළ සන්නාමයක් වන අතර, විශේෂයෙන් තරුණයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිව ඇත.

කැම්පස් ඇක්ටිව්වෙයා සමාගම 2023 - 24 පසුගිය දෙවසර තුළ පමණක් පාවහන් යුගළ මිලියන 22.2 ක අලෙවියක් සිදු කරමින්, ඉන්දියාව පුරා ශක්තිමත් ජාලයකින් යුතුව 23,000 කට වැඩි සිල්ලර අලෙවි ස්ථාන හා කැම්පස් සන්නාමය පමණක් සඳහාම වූ 250කට අධික සුවිශේෂී අලෙවිසල්  වලින් සමන්විත විශාල බෙදාහැරීම් ජාලයක් පවත්වාගෙන යයි. මෙම සාර්ථක ආකෘතිය ශ්‍රී ලංකාවටත් ගෙන එමින් සිග්නේචර් සමඟ සිදුවූ මෙම නව සහයෝගිතාව ඔස්සේ, කැම්පස සමාගම දේශීය පාරිභෝගිකයන්ටත් තම උසස් පාවහන් නිෂ්පාදන පරාසය සාධාරණ මිලකට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

 



අදහස් (0)

ක්‍රීඩා සහAthleisure පාවහන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සිග්නේචර් කැම්පස් ඇක්ටිව්වෙයා සමග හවුල් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site