IMG-LOGO

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

 

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. 

මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම තනතුරෙන් විශ්‍රාම යාම හේතුවෙන් මුෂීන් මහතා සභාපතිවරයාවීමෙන් පසුව උපසභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුවට විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන සේනානායක මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍යනය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් යන අංශ සම්බන්ධයෙන් පුළුල් අත්දැකීමක් සහිත බැංකුකරුවකු වේ. ඔහු ආසියාවේ මූල්‍ය ආයතන කිහිපයකම උපාය මාර්ගික ආයතනික න්‍යාය පත්‍ර සහ මාර්ගගත සිතියම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වමින් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණඩායම්වල ජ්‍යෙෂ්ඨ සමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. ඔහු මීට පෙර Credit Suisse, Bank of America Merrill Lynch සහ JP Morgan යන ගෝලීය ආයෝජන බැංකුවල ප්‍රමුඛතම වෘත්තිකයකු ලෙස සේවය කර ඇත. මීට අමතර ව, ඔහු Deloitte හි, සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස ද සේවය කර තිබේ.  

මුෂීන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙන අතර වෙස්ටර්න් මිචිගන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික පරිපාලනය (ගෞරව) පිළිබඳ මූලික උපාධිය ලබාගෙන තිබේ. එසේම, නිව්යෝක් හි, JP Morganසමඟ ආයතනික මූල්‍යනය පිළිබඳ පුහුණු වැඩසටහනක්ද ඔහු විසින් සම්පූර්ණ කර ඇත.

2020 සැප්තැම්බර් මාසයෙහි සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු  වූ රාජා සේනානායක මහතා CA Sri Lankaහි සාමාජිකයකු වන අතර ගණකාධිකරණ වෘත්තියෙහි වසර 30කට වැඩි කලක් සේවය කරමින් ලැබූ පළපුරුද්ද සහ පශ්චාත් සුදුසුකම් ඇති පුද්ගලයෙකි. එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PIM වෙතින් පශ්චාත් උපාධි ඩිලෝමාවක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් B.com (විශේෂ) උපාධියක් සහිත උපාධිධාරියෙක් ද වෙයි. මීට අමතර ව, Euromoney සමඟ බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ පුහුණුවක් සහ සිංගප්පූරුවෙහි ජාතික විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණය පිළිබඳ පුහුණුවක් ද ලබාගෙන ඇත.

Ernst & Youngහි ලිපි සම්පූර්ණ කිරීමෙන් වරලත් ගණකාධීකාරීවරයකු ලෙස සුදුසුකම් ලබන සේනානායක මහතා 1991 දි Singer Industries (Ceylon) PLCහි මූල්‍ය ගණකාධිකාරීවරයෙක් ලෙස සම්බන්ධ වන අතර 1994 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරුවකු ලෙස කොමර්ෂල් බැංකුව හා සම්බන්ධ විය. 2004 ජනවාරී මාසයේදී සේනානායක මහතා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය සහ සැලසුම්) තනතුරට පත් වූ අතර 2007 වර්ෂයෙහි පෙබරවාරි දක්වා මෙම තනතුර හෙබවීය. ඉන්පසු 2007 වර්ෂයේ මාර්තු මාසයේ දී Nations Trust Bank PLC හි ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සම්බන්ධ විය. මීට අමතරව සේනානායක මහතා කොමර්ෂල් බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBC Finance Ltd හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ද විය.

සේයාරු සටහන:

ෂාර්හන් මුෂීන් මහතා සහ රාජා සේනානායක මහතා

-595



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 567 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 999 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site