ශ්රී ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන විදු ලංකා සමාගම තම හත්වැනි කුඩා ව්‍යාපෘතිය වන කොත්මලේ කුඩා පරිමාන ජල විදුලි බලාගාරයේ විදුලිය ජනනය කටයුතු පසුගියදා ඇරඹීය.
මෙම විදුලි බලාගාරය මෙගා වොට් 4ක විදුලි බල ධාරිතාවකින් යුක්තය.
බලාගාරය ඉදිකිරීම සදහා වේලි බැදීමක් හෝ ජලාශයක් ඇති කිරීමක් හෝ කිසිත් කර නොමැති අතර කොත්මලේ ඔයේ පහළට ගලා බසින ජල පහරින් විදුලි ජනක යන්ත්‍ර කරකවයි.
මේ නිසා පරිසරයට කිසිදු හානියක් සිදුව නැතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ අපි ඉතාමත් අගය කරනවා ..මෙම කාර්ය ඉටුකරලා තියෙන්නේ විදු ලංකා සමාගම. ලංකා විදුලි බල මණ්ඩලයේ නිපුණත්වයෙන් යුත් දක්ෂ ඉංජිනේරුවන් ,විදේශ ශිෂත්ව ලබාගෙන සිටියදී ,මෙවැනි කුඩා පරිමාණයේ ව්‍යපෘති හෝ ඉටු නොකිරීම ලක්ෂපාන ජල විදුලි බලාගාර නිර්මාතෘට කරන අගෞරවයක් ! (දී)
මෙගා වොට් 4ක ධාරිතාව වටිනවද ලස්සන දිය ඇල්ලක් නැති කරලා? මම මේක දැකල නැතුවයි අහන්නේ? (නදී)
ලුම්බිණි, දන්නේ නැති වුණත් මේ වගේ මෝඩ කතා කියන්න එපා. මේ වැඩේ අපි ඉතාමත් අගය කරනවා (නි)
මගේ අදහස, ලංකාවේ තිබෙන සියලුම දිය ඇලි වලින් කුඩා බලාගාර හදන්ට ඕනෑ. එවිට දිය ඇලි අවට තිබෙන කුඩා ගම්මාන වලට විදුලි බලය දෙන්න පුළුවන්. (නි)
මේක හොඳ අදහසක්. මේ නිසා ජලය ප්‍රයෝජනයට නොගෙන නිරපරාදේ මුහුදට වේගයෙන් ගලායාමත් යම් තරමකට අඩු වේවි (නි)