(රංජන් කස්තුරි)
බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවාගත නොහැකි තත්වයේ පසුවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන පැකේජයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව එම ව්‍යාපාරිකයින්ට මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ණය වාරික නොගෙවා සිටීමට සහනයක් හිමිවන අතර ණය ගෙවීම සඳහා එය වසරේ සිට ඉදිරියට කාලය හිමිවේ.
මීට අමතරව ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දිනට අක්‍රීයව පවතින ණය වෙනුවෙන් දඩ හා පොලී මුදල් කපා දැමීමටත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග නොගැනීමටත් රජය තීරණය කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පැකේජයක්
lakmal Thursday, 16 January 2020 11:31 AM
අද වනවිට අපගේ ව්‍යාපාර කටයුතු බොහෝ සේ අඩාල වී ඇත. එබැවින් අපිට අපගේ ණය පෙර පරිදි ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත් වී ඇත. මෙවැනි සහනයක් ලබා දෙන්නේ නම් අපිට අපගේ ව්‍යාපාරය නැවත යථාතත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇත. ඉක්මණින් ක්‍රියාත්මක වන්නේ නම් ලොකු සහනයකි...
සෙනෙවිරත්න Saturday, 18 January 2020 08:56 AM
මෙම සහන ක්‍රියාත්මක වූ වහාම බැංකුවලටද අදාල සහනය නොදෙන්නේ නම් බැංකුද අනතුරේය. එනයින් තැන්පත් කරුවන්ද අනතුරේය...