IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොටස් මිල දර්ශකයේ වර්ධනයක්

සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුළ ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇතැයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සැප්තැම්බර් මාසය තුළ සියයට 12ක වර්ධනයක් වාර්තා කළ කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අනෙක් මිල දර්ශක අභිබවමින්, එම මාසය තුළ වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇත. සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයකි.

කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර්ශකය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද සැප්තැම්බර් මාසය තුළ සියයට 4.39ක ප්‍රගතියක් වාර්තා කර ඇති අතර ප්‍රගතියක් වාර්තා කළ අතර සැප්තැම්බර් 30 වන දිනය අවසානයේදී දර්ශක අගය 2,463.27 ලෙස සටහන් විය.

සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607 ලෙස වාර්තා විය. මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව සියයට 96කින් සැප්තැම්බර් මාසයේදී එම අගය වර්ධනය වීම තවත් විශේෂත්වයකි. එමඟින් ආයෝජකයන්ගේ උනන්දුව පෙන්නුම් කරන බව ද කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ සැප්තැම්බර් මාසයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50 ක් ලෙස වාර්තා වී ඇත.

055



අදහස් (0)

කොටස් මිල දර්ශකයේ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site