(ටී .කේ .ජී .කපිල , ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ.
වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් අසීරුතාවයට පත් වී ඇත.කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටි සියලු සාප්පු ද මෙසේ කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී .
රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ මැදපෙරදිග රටවල හටගෙන ඇති අයි.එස්. ත්‍රස්තවාදීන්ට කටාර් රාජ්‍යය උදව් කිරීම පිළිබඳව අර්බුදය මත ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි තීරණයකට එලඹ ඇති බවයි.
පෞද්ගලික විදේශ මුදල් මාරු කරන්නන් ද කටාර් රියාල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. කටාර් සිට පැමිණෙන මගීන්ට කටාර් රියාල් 1000 ක් දක්වා මාරු කිරිම ලංකා බැංකුවෙන් පමණක් සිදු කැරේ්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොන හේතුවකටද අපේ රටේ අය අනුන්ගේ දේවල් වලට කඩේ යන්නේ ඒවා ඒ අය බේරා ගත්තදෙන් අපේ රටේ ඉන්න පුත්තලම් බුරුවෝ කරන වැඩ නිසා විදෙස් ශ්‍රමිකයන් අසරණ වෙනවා එක තේරුම් ගන්න තරම් මොලයක් අපේ ගුවන්තොටුපල පාලන කරන අයට නැද්ද
මෙය බොරු ආරංචියකි. බැංකු වලින් කටාර් රියාල් මාරු කරනවා.
කටාර්වල සේවය කරන ශ්‍රමිකයන්ට මොකද කරන්නේ එම ශ්‍රමිකයන්ගේ මුදල් රජය බාර ගන්නේ නැත්නම් ඒ පවුල් වල යැපෙන්නන් ජිවත් වෙන්නේ කොහොමද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට මැදිහත් විය යුතුයි
මෙය ඉතාම වැරදි තීරණයක්. වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී ඉඳල එන මිනිසුන්ට මේක කොච්චර ප්‍රශ්නයක්ද? මහා බැංකුව හෝ කවුරු ගත්තත් කටාර් රියාල් වලට ලෝකයේ තවම කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් ඉන්දියාව අපට වඩා ඉස්සර වෙලා මාරු කිරීම ප්‍රතික්ෂේප කරනවා.
අපේ රටේ පුටු රත්කරකර ඉන්න නිලධාරීන්ට බැරිද කටාර් රටේ දුක් මහන්සි වී රටට විදේශ විනිමය උපයන අපේ සෙනගට SMS - WatsApp පණිවිඩ වලින්වත් ඔවුන්ව දැනුවත් කරන්න, අඩුගානේ ලංකා තානාපති කාර්යාලයටවත් කීවානම් පණිවිඩය ලැවුගින්නක් වගේ දැනගන්නවා. අනික ලංකාවේ හැම බැංකුවකම නිලධාරීන් කටාර් රටේ සේවය කරනවා.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැද පෙරදිග සංචාරයේ දී , අයිසිස් සංවිධානයට අවි සහ මුදල් සපයන රට ලෙස පැහැදිලිව හඳුනාගත් රටට එරෙහිව ගන්නා ලද අනර්ඝ රජ්‍යතාන්තික කියාවලියකි , කොටින්ම ඇමරිකාව තම බලය පෙන්වා ඇත, සුරලොවක වැජඹුණු කුමාරවරු හෙට දිනයේ බඩගින්න කුමක් දැයි වටහාගනු ඇත , ඇමරිකන් විරෝධී අපේ අයත් අවබෝධ කරගත යුතු සත්‍යය මෙයයි , ඇමරිකාව දන ගැස්වීමට අප ගියහොත් හෙට දිනයේ අපේ නැව් සෑම රටක්ම ආපසු හරවා එවනු ඇත , අපට බඩු රැගෙන එන නැවු ආපසු හරවා යනු ඇත
මා සිතන්නේ මෙය මෝඩ තීරණයක් කියලයි. අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා කටාර් රාජ්‍ය සේවයට යන්නේ රැකියාවක් කොට තමන්ටත්, තමන්ගේ පවුලටත් යම් මුදලක් උපයා ගැනීමට විනා අයි.එස්. ත්‍රස්තවාදීන්ට උදව් කිරීමට නොව. මීට අමතරව අද රටේ විදේශ මුදල් සංචිත පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ ශ්‍රමයෙන් එවන මුදල් වලිනුයි. එමනිසා රජයේ යුතුකම විය යුත්තේ ඔවුන්ට හැකිතාක් උදව් කිරීමයි.