IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔරියන්ට් ෆිනෑන්ස් ශුද්ධ ලාභය රු . මි 186.39 ක්

රාජේන්ද්‍ර ත්‍යාගරාජා
 සභාපති ඔරියන්ට් ෆිනෑන්ස් 


 

කේ.එම්.එම් ජබීර් 
අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඔරියන්ට් ෆිනෑන්ස් 


 

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, 2024 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 

2024 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන්වූ කාලසීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 186.39ක ශුද්ධ ලාබයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ සමාලෝචිත කාල සීමාව තුළ වාර්තාවූ ශුද්ධ ලාබයට සාපේක්ෂව සියයට 300.67 ක වර්ධනයකි. මෙම වර්ධනය වෙළෙඳපොළ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සතු හැකියාව පිළිබිඹු කරයි. 

එමෙන්ම ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 2024 සැප්තැම්බර් 30 වැනි දින වන විට වාර්තා කළ මුළු වත්කම්වල අගය රුපියල් බිලියන 22.92ක් වූ අතර, එය එම සමාගම 2024 මාර්තු 31 වැනි දින වන විට වාර්තා කළ රුපියල් බිලියන 20.5ට සාපේක්ෂව සියයට 11.91ක වර්ධනයකි. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ මෙම සමස්ත වත්කම්වල වැඩි වීම, සිය ව්‍යාප්තිය වර්ධනය කර ගනිමින්, වෙළෙඳපොළ තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් එම සමාගම අනුගමනය කරන උපායමාර්ගවල සාර්ථකත්වයට උදාහරණ සපයයි. 

මෙම වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මෙසේ පැවසීය. “අපගේ ලාබයේ සහ වත්කම්වල සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් වාර්තා කරමින්, ඕනෑම වෙළෙඳපොළ තත්වයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පිළිබිඹු කිරීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමාලෝචිත කාලසීමාව තුළ අපගේ ශුද්ධ ලාබයේ සියයට 300.67 ක ආකර්ෂණීය වර්ධනයක් වාර්තා කිරීමට හැකි වීම, කොටස් හිමියන් වෙත උපරිම ප්‍රතිලාභ ලබා දෙමින්, ස්ථාවර වර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාව ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සතු බවට සාක්ෂි සපයනවා. ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, තිරසාර වර්ධනය කරා ගමන් කිරීමට අපි නිරන්තරයෙන් කැපවන බව අවධාරණය කිරීමට කැමතියි.”‍ 

මෙහි දී අදහස් දක්වමින් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම්. ජබීර් මෙසේ පැවසීය. ”‍මුළු වත්කම්වල සියයට 11.91ක වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම වෙළෙඳපොළ අභියෝග ජයගැනීම සඳහා අප අනුගමනය කළ උපායමාර්ගවල සාර්ථකත්වයට හොඳම සාක්ෂියක්. ගනුදෙනුකරුවන් වෙත විවිධාංගීකරණය වූ සේවාවක් සැපයීම හරහා ගනුදෙනුකාර සබඳතා ශක්තිමත් කර ගැනීම වෙත අපි අපගේ නිරන්තර අවධානය යොමු කරන බව පැවසිය යුතුමයි. මෙම සියලු‍ම උපායමාර්ග හරහා ශක්තිමත් වර්ධනයක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අපි ඉදිරියේදීත් කැප වෙනවා.”‍



අදහස් (0)

ඔරියන්ට් ෆිනෑන්ස් ශුද්ධ ලාභය රු . මි 186.39 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site