IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඔක්තෝබරයේ මුල් දින 26ට සංචාරකයෝ 137,876ක් ඇවිත්

  • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් 1,863,370ක් වෙයි

මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළදී මෙරටට විදෙස් සංචාරකයන් 137,876 දෙනකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වෙයි. ඒ අනුව වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,863,370ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙහිදී ඔක්තෝබර් මාසය තුළ සංචාරක පැමිණීම් බැලූ විට 1 වැනිදා සිට 7 වැනිදා දක්වා 38,474ක්ද, 08 වැනිදා සිට 14 වැනිදා දක්වා 32,740ක්ද, 15 වැනිදා සිට 21 වැනිදා දක්වා 37,316ක්ද සහ 22 වැනිදා සිට 26 වැනිදා දක්වා 29,346 දෙනකුද පැමිණ තිබේ. ඒ අනුව මාසය තුළ මේ දක්වා දෛනික සංචාරක පැමිණීම සංචාරකයන් 5,303ක් ලෙස සටහන්ව තිබේ.

ඔක්තෝබර් මාසයේ වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර, එය සංචාරකයන් 41,095 කි. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 11,033 ක්ද. චීනයෙන් 9,599ක්ද පැමිණ තිබේ. රුසියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 8,507 ක් සහ 7,956 ක් වෙයි. ඔස්ට්‍රේලියාවෙන් 6,507 ක්ද, බංග්ලාදේශයෙන් 4,705ක්ද පැමිණ තිබේ. ප්‍රංශයෙන් 3,292 ක් පැමිණ තිබේ.



අදහස් (0)

ඔක්තෝබරයේ මුල් දින 26ට සංචාරකයෝ 137,876ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site