IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට

(හර්ෂණ තුෂාර සිල්වා)


වසර 2018 මුල් මාස දහය අවසන් වනවිට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගිය සමුච්චිත ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 


රජය වෙත ලැබුණු එක්සත් ජනපද ඩොලර් බිලියනක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමට වෙත ලැබුණු ප්‍රධාන ලැබීම යැයි ද මහ බැංකුව පෙන්වාදෙයි.


කෙසේ නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ඉවත් කරගැනීම නිසා ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමෙන් විදේශීය ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 


මේ අනුව රාජ්‍ය සුරැකුමප්ත් වෙළෙඳපොළෙන් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලා ගොස් තිබේ.


ද්විතීයික හා ප්‍රාථමික වෙළෙඳපොළ විදේශ විනිමය ගනුදෙනු අන්තර්ගත කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 36ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත. 


මුල් මාස දහයේදී ප්‍රාථමික වෙළෙඳපොළට ඩොලර් මිලියන 77ක් ලැබුණු අතර ද්විතියීක වෙළෙඳපොළ ඩොලර් මිලියන 76ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

 
මේ අනුව මේ වසරේ මුල් මාස දහයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සමුච්චිත ශුද්ධ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියනයක් විය.  



අදහස් (0)

ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site