
කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 603ක (රුපියල් කෝටි 12,000කට අධික මුදලකට) මුදලකට අලෙවි කර ඇත.
දකුණු කොරියාවේ කුක්මින් බැංකුව යනු කොරියාවේ විශාලතම බැංකුව වන අතර ලොව හයවැනි විශාලතම බැංකුව ලෙස ද සැලකේ.
කොටස් විකිණීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදුවූයේ ඉකුත් ජනවාරි මාසයේදීය. අදාළ ගනුදෙනුව තහවුරු කරමින් කාම්බෝජයේ සහ දකුණු කොරියාවේ නියාමක ආයතනවල කාම්බෝජ ජාතික බැංකුවේ සහ දකුණු කොරියාවේ මූල්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව අදාළ ගනුදෙනුවේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 422ක් මෙරට එල්.ඕ.එල්.සී. පෞද්ගලික සමාගම වත ලැබී ඇත. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 181ක මුදල 2022 වසරේදී ලැබීමට නියමිත යැයි එල්.ඕ.එල්.සී. සමාගම සඳහන් කරයි.
මෙම ගනුදෙනුවේ පසු වටිනාකම හෙවත් පශ්චාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 862ක් ලෙස අගය කර ඇත.
සමස්ථ ලෝකයම ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකට මුහුණදෙන මේ මොහොතේ, මෙම ගනුදෙනුව තුළින් දැවැන්ත විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉතා වැදගත් යැයි ද එල්.ඕ.එල්.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ විශාල මුදලක් ලංකාවට... ආවම...ඒ මුදල්වලට මොකද වෙන්නෙ කියලා දන්නෙ නැති නිසයි අහන්නේ...
'සමස්ථ ලෝකයම ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකට මුහුණදෙන මේ මොහොතේ, මෙම ගනුදෙනුව තුළින් දැවැන්ත විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉතා වැදගත් යැයි ද එල්.ඕ.එල්.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
මේ වගේ දක්ෂ ව්‍යාපාරිකයෝ දහදෙනෙක් හදාගත්තනම් ලංකාව ගොඩ.
දැන් ඕක ගලාගෙන ආවා කියල අපිට ලැබෙන්නේ මොන ඉටි ගෙඩියක්ද? නිකන් බොරු බයිලා ගහන්න එපා මහත්තයෝ. මේ කරදර අස්සේ ඔයාල මෙතන ඔයාලගේ නම මාකට් කරගන්නවා. පුලුවන් නම් ඔතනින් රුපියල් කෝටි 100ක් වියදම් කරලා මේ රටේ අන්ත අසරණ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න,,,... ඒ මිනිස්සුන්ට බෙහෙතක් ගන්න ඕන කරන මුදල් දීල පෙන්වන්න. හරිනම් මේ වෙලාවේ ආණ්ඩුව ලංකාවේ විරැකියාවෙන් පෙලෙන හැම පවුලකටම මාසෙට රුපියල් 25000 ක් වත් දෙන්න ඕන ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගන්න. බොරු පුරසාරම් දොඩවනවා විතරයි. රුපියල් 5000 ක් දීල නිකන් බොරු ප්‍රදර්ශන එපා.
රටට විදේශ විනිමය ලැබීම අතින් මේ මුදල වැදගත්. මේ මුදල් වලට මොකද කරන්නේ කියන එක මතයි, මෙහි රටක් හැටියට මුල්‍ය වැදගත් කම ඇති වෙන්නේ. LOLC ආදායමෙන් 85% වැඩිය ලැබෙන්නේ මේ වගේ පිටරට තියෙන ශුද්‍ර මුල්‍ය සමාගම් මගින්. වක්‍රව ඒ අයට වාර්ෂිකව තියෙන අනෙක් ලාභාංශ වගේ ප්‍රතිලාභ නැතිවෙනවා. LOLC එච්චර දේශීය වශයෙන් සාර්ථක වුනේ නෑ. කැම්බෝඩියාව වගේ රටක ව්‍යාපාරයක් විකුණලා මෙච්චර මුදලක් ලැබෙන්න හේතුව, micro finance ශේෂ්ත්‍රය 100% වර්ධනයක් ලැබුවා පසුගිය අවුරුදු 10 ඇතුලත. මෙහි උපරිම අවදීයට දැන් ඇවිත් තියෙන්නේ. මුළු රටම දුප්පත් කමේ ණය උගුලක හිර වෙලා. ඉඩ කඩම් පවා සින්න වෙලා. කැම්බෝඩියාව තමයි ලෝකේ විශාලම සාමාන්‍ය ශුද්‍ර මුල්‍ය බර සහිත රට. පේරු රට ඉන්නේ ඊට පස්සේ. දැන් විශාල බැංකුවකට අර මේ වගේ micro finance/leasing ආයතන වලට එච්චර පැවැත්මක් නෑ. LOLC එක හොඳ වෙලාවට අයින් උනේ. ලාංකීය හැටියට සතුටු වෙන්නත් බෑ, අසතුටු වෙන්නත් බෑ.