(තිළිණි ද සිල්වා)
එක්සත් අරාබි එමීර්යේ සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා එරට ප්‍රධාන නගර කිහිපයකදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන එමීරයේ ප්‍රධාන නගර වන ඩුබායි ,අබුඩාබි සහ සාජා නගර වලදී පැවැත්වේ. ඒ සඳහා එම කාර්යාංශයේ අධ්‍යක්ෂක (වෙළඳ) මධුභානි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 33 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වුහ.
මෙම ශ්‍රී ලංකා සංචාරය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම සාජා නුවර රැඩිසන් බ්ලූ හෝටලයේදී ද , අබුඩාබි නුවර ලා රෝයල් මැරිඩේන් හෝටලයේදී ද , ඩුබායි නුවර ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී ද පැවැත්විණි.
ගිය වසරේදී පමණ සමස්ත මැදපෙරදිග කලාපීය රටවල් වලින් විදෙස් සංචාරකයින් 78,873 දෙනෙකු පැමිණ තිබූ අතර , ඉන් එමිර් ජාතිකයින් 7 136 දෙනෙකු වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි. එසේම එරට සිට සෑම සතියකට ගුවන් ගමන් වාර 70 ක් සිදු කිරීමෙන් මෙම සංචාරක ප්‍රවර්ධනයට බලපා ඇත.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එමීර් රාජ්‍යයේ සංචාරයකයන් ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක්
dil Monday, 30 April 2018 01:56 PM
ඉතුරු ඉඩම් ටිකටත් 'අනේ සාදු'.... ශ්‍රී ලංකන් අරාබි නිසොල්මනේ වැඩි ඈතක නොවේ.
Asanka Monday, 30 April 2018 02:40 PM
මැදපෙරදිග සංචාරකයෝ කියන්නේ අඩු වියදමෙන් රොටි කාලා ඉන්න එන සුද්දෝ වගේ නෙමේ, අත දිගහැරලා සල්ලි විසිකරනවා, අපේ රටේ සංචාරක අංශයට පින නැහැ හරිහමන් වැඩසටහනක් කරලා ඒ මිනිසුන්ව ගෙන්නගන්න
kodikara Thursday, 03 May 2018 11:57 PM
මැද පෙරදිග සංචාරකයෝ ගෙන්න ගන්න දන්නා පිරිසක් සංචාරක ප්‍රවරදන කාර්යාංශයේ නොමැතිකම ලොකු අඩුවක්. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දක්ෂයින් පිරිසක් සිටියදී නුසුදුස්සන් අලෙවිකරණයේ යෙදීම නිසා ඉදිරියෙදී සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට ලක් වනු නොඅනුමානයි.