(තිළිණි ද සිල්වා)
එක්සත් අරාබි එමීර්යේ සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ඉකුත්දා එරට ප්‍රධාන නගර කිහිපයකදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන එමීරයේ ප්‍රධාන නගර වන ඩුබායි ,අබුඩාබි සහ සාජා නගර වලදී පැවැත්වේ. ඒ සඳහා එම කාර්යාංශයේ අධ්‍යක්ෂක (වෙළඳ) මධුභානි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 33 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වුහ.
මෙම ශ්‍රී ලංකා සංචාරය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම සාජා නුවර රැඩිසන් බ්ලූ හෝටලයේදී ද , අබුඩාබි නුවර ලා රෝයල් මැරිඩේන් හෝටලයේදී ද , ඩුබායි නුවර ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී ද පැවැත්විණි.
ගිය වසරේදී පමණ සමස්ත මැදපෙරදිග කලාපීය රටවල් වලින් විදෙස් සංචාරකයින් 78,873 දෙනෙකු පැමිණ තිබූ අතර , ඉන් එමිර් ජාතිකයින් 7 136 දෙනෙකු වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි. එසේම එරට සිට සෑම සතියකට ගුවන් ගමන් වාර 70 ක් සිදු කිරීමෙන් මෙම සංචාරක ප්‍රවර්ධනයට බලපා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ඉඩම් ටිකටත් 'අනේ සාදු'.... ශ්‍රී ලංකන් අරාබි නිසොල්මනේ වැඩි ඈතක නොවේ.
මැදපෙරදිග සංචාරකයෝ කියන්නේ අඩු වියදමෙන් රොටි කාලා ඉන්න එන සුද්දෝ වගේ නෙමේ, අත දිගහැරලා සල්ලි විසිකරනවා, අපේ රටේ සංචාරක අංශයට පින නැහැ හරිහමන් වැඩසටහනක් කරලා ඒ මිනිසුන්ව ගෙන්නගන්න
මැද පෙරදිග සංචාරකයෝ ගෙන්න ගන්න දන්නා පිරිසක් සංචාරක ප්‍රවරදන කාර්යාංශයේ නොමැතිකම ලොකු අඩුවක්. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දක්ෂයින් පිරිසක් සිටියදී නුසුදුස්සන් අලෙවිකරණයේ යෙදීම නිසා ඉදිරියෙදී සංචාරක ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට ලක් වනු නොඅනුමානයි.