ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති එදිරිසිංහ ට්‍රස්ට් ෆයිනෑන්ස් සමාගමේ මූල්‍ය කටයුතු යළි පණගන්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක විදේශ ආයෝජනයක් ඊට ලැබෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගමෙන් සේවා ලබන තිස්පන්දාහකට අධික මුදල් තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින් සිදුකෙරෙන මෙම ආයෝජනය ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමකට හේතුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති.
මෙම ආයෝජනය සිදුවන්නේ තැන්පත් මුදල්වලින් සියයට 20ක මුදලක් ජූලි මස 02 වැනි දිනට පෙර තැන්පත්කරුවන්ට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගමට දන්වා තිබියදීය.
අදාළ විදෙස් ආයෝජකයා සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන අතර එම සමාගම දැනටමත් ඩොලර් මිලියන 17ක මුදලක් ඊ.අටි.අයි සමාගමේ මූල්‍ය කටයුතු කළමනාකරණය වෙනුවෙන් යොදවා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉතිරි ඩොලර් මිලියන 58ක ආයෝජන මුදල අප්‍රේල් මස අග සහ මැයි මස මැද භාගය වනවිට ලැබෙන බවත් එය අවකළමනාකරණයට ලක්ව ඇති ඊ.ටි.අයි මූල්‍ය කටයුතු නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කිරීමට උපකාරී වනු ඇතැයි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
මේ වනවිට ඊ.අටි.අයි මූල්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති සේපාල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල කමිටුවක උපදේශනය යටතේ නියාමනයට ලක්වෙයි. එමෙන්ම මුදල් තැන්පත්කරුවන් සහ මූල්‍ය සමාගම අතර මිත්‍රශීලි සංවාදයක් මගින් අර්බුදය කළමනාකරණයට ද කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඊ.අටි.අයි.එෆ්.එල් සමාගම තැන්පත්වලින් සියයට 20ක් ජූලි 2 වැනිදා වනවිට ගෙවීමෙන් පසු ඉතිරි තැන්පත් මුදල් ද මහ බැංකුවේ උපදෙස් සහ නියාමනය යටතේ ක්‍රමානුකූලව තැන්පත්කරුවන්ට ලබාදීමට නියමිතය.
බැංකු නොවන මූල්‍ය සමාගම්වල හටගත් මූල්‍ය කළමනාකරණ ගැටලු අර්බුධකාරී තත්ත්වයකට යෑමට ප්‍රධාන හේතුව වූයේ දුර්මත හා ව්‍යාජ පුවත් නිසා තැන්පත්කරුවන් කලබලයට පත්වීම යැයි ද එම නිසා ඉවසිලිවන්ත මිත්‍රශීලිව සිදු කෙරෙන සාකච්ඡාමය වැඩපිළිවෙළකින් ගැටලුව පහසුවෙන් නිරාකරණය කරගත හැකි යැයි මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
(055)
2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එදිරිසිංහ ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු පණ ගන්වන්න ඇමෙරිකාවෙන් ඩො.මි.75 ක්
bandula Friday, 06 April 2018 08:27 AM
මම හිතන්නේ අර්ජුන් මහේන්ද්‍රන් තමයි ආයෝජනය කරන්නේ..
nayanthi Friday, 06 April 2018 03:31 PM
දුප්පත් අපේ මුදල් දෙන්න.
Sathya Tuesday, 10 April 2018 03:25 AM
මේක සාමාන්‍ය දෙයක්. එක මුල්‍ය සමාගමක්වත් සල්ලි අරන් සේප්පුවල ගෙන ඉන්නේ නෑ. ඒවා ආයෝජනය කරලා තමයි පොලියක් ගෙවන්නේ. මහා බැංකුවෙන් කියන අවම ප්‍රමාණයට ද්‍රවශීල වත්කම් තියාගෙන අනිත් ඒවා ආයෝජනය කරනවා. මොකක්හරි බොරු රාවයක් ගිහිල්ල හැමෝම සල්ලි ඉල්ලුවම වාණිජ බැංකුවකට උනත් එක පාරටම දෙන්න බැහැ. මහා බැංකුව මැදිහත් වෙලා මේ ගැටලුව විසදන එක ගොඩක් වැදගත් නැත්නම් හෙට තව මුල්‍ය ආයතනයකට ඔය දෙය වේවි. මහජනතාවත් බය ඇති පොලි මුදලාලිලා, පිරමිඩ ජාවාරම්කරුවන් මිනිස්සු රවට්ටපු විදිය නිසා.