(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
සෞභාගයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව රට තුළ ශක්තිමත් දේශීය ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කොට ගනිමින්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කොට ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් මෙම ප්‍රතිලාභ ලබාදෙන ලදී.
රට තුළ නව ව්‍යවසායකයින් බිහි කිරීම, විවිධාංගීකරණය සහ ප්‍රමිතිය ඔප් නැංවීම තුළින් පවතින ව්‍යාපාර සවිබල ගැන්වීම යන අරමුණු සදහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
ඒ අනුව උපාධිධාරි ව්‍යවසායකයන් 146 දෙනෙක් වෙත රු 150,000ක අවමයකට සහ රුපියල් 400,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණි. ඔවුන් දේශීය ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමේ ඇති වැදගත්කමත්, ඉදිරියේදී තවත් උපාධිධාරි ව්‍යවසායකයින් වැඩි ප්‍රමාණයකට සිය ආයතනයේ සහාය ලබාදීමට සුදානමින් සිටින බවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අදහස් දක්වමින් පැවසිය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උපාධිධාරී ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්‍රතිලාභ
irondi Wednesday, 09 December 2020 07:07 PM
උපාධිධාරීන්ට ආධාර දෙන 8 ෆේල් ඇමැතිලා ඉන්නකන් රට හබක්....
jagath G Thursday, 10 December 2020 11:22 AM
මෙයාලා උපාධියත් බාල්දු කරනවානේ
Priyanath Friday, 11 December 2020 08:09 PM
මයික් පිංපියෝ මහත්තයගේ මූණ ඉදිමෙන්නෙ ඉම්පෝටඩ් විස්කිවල සැරටද කැටගොඩ මහත්තයගෙ සැරටද...?
Rata Perata Thursday, 17 December 2020 05:13 PM
උපාධිධාරින් ඉස්සරහා තියාගෙන කතාකරන අය දැක්කාම.. ඉගෙන ගත්ත මෝඩකම කියලා හිතුණා...