IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


උපාධි අපේක්ෂකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට First Capital investED වැඩසටහන් මාලාවක්

ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital  සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED  වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. 

තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන First Capital investED  වැඩසටහන හරහා ඔවුන්ගේ වෘත්තීය ගමනේ ආරම්භයේ පටන් නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කිරීමට First Capital සමාගම නිරන්තරයෙන් කැප වෙයි.

First Capital investED  වැඩසටහනේ දී මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණය, දිගු කාලීන ප්‍රතිලාභ නිර්මාණය කිරීම සහ ඉලක්ක සැකසීම වැනි ප්‍රායෝගික සංකල්ප වෙත මූලික අවධානය යොමු කළ අතර, වෙළෙඳපොළ පවතින තත්වයට අනුව ආයෝජන හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ද එහි දී දැනුවත් කෙරිණි. සෑම සැසියක් අවසානයේදීම ප්‍රශ්නාවලියක් හරහා සහභාගි වූ සිසු සිසුවියන්ගේ දැනුම පරීක්ෂා කිරීම ද විශේෂත්වයක් විය. 

First Capital investED  වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, NSBM හරිත විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය සහSLIIT ව්‍යාපාරික පාසල ඇතුළු ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන රැසක සාර්ථකව දියත් කෙරුණු අතර, ඒ සඳහා ලැබුණු ඉහළ ප්‍රතිචාර මඟින් මෙම වැඩසටහනේ සාර්ථකත්වයට උදාහරණ සැපයේ.



අදහස් (0)

උපාධි අපේක්ෂකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීමට First Capital investED වැඩසටහන් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 249 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site