භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ සියයට 77.40 ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා එම සමාගමේ ඉතිරි සියයට 22.60 ක කොටස් ප්‍රතිශතයත් මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.
මෙම ගනුදෙනුවේ මැදිහත්කරුවා ලෙස කටයුතු කරන HNB Investment Bank (පෞද්) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ රේ අබේවර්ධන මහතා ඊයේ (14) කොළඹ කොටස් හුවමාරුව වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.
ඒ අනුව සමාගමේ කොටස් හිමිකරුවන් සතු එම ඉතිරි කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නිවේදනයක් ඉදිරියේදී භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා පුවත්පත් තුළ පළ කිරීමට ධම්මික පෙරේරා මහතා පියවර ගනු ඇතැයිද සඳහන් වෙයි.
ධම්මික පෙරේරා මහතා විසින් ජූලි 08 වැනිදා ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ කොටස් 106,991,848 ක් මිලදී ගනු ලැබීය. එම කොටස් එහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වූ නහිල් විජේසූරිය මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනකු සතු වූ කොටස් විය. මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 77.40 ක ප්‍රතිශතයකි. කොටසක් රුපියල් 30.20 ක් බැගින් වූ එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 3.2 ක් විය.
ඉතිරි සියයට 22.60 ක කොටස් ප්‍රතිශතය යටතේ කොටස් 31,248,152 ක් මිලදී ගැනීම ධම්මික පෙරේරා මහතාගේ අදහස වී තිබේ. එහිදීද කොටසක් රුපියල් 30.20 ක වටිනාකමක් ඉදිරිපත් කර ඇති අතර, එම කොටස් සඳහා ඔහු ගෙවන සමස්ත මුදල රුපියල් මිලියන 944 ක් (943,694,190.4ක්) බව පැවසෙයි.
ඒ අනුව ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී මිලදී ගැනීම සඳහා ධම්මික පෙරේරා මහතා සිදුකර ඇති ආයෝජනය රුපියල් බිලියන 4.17 ක් වෙයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් ඉතිරි කොටස් සියල්ල මිලදී ගැනීමට ධම්මික පෙරේරා සැරසෙයි