IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්ධනවලට විදේශවලට ඇදීයාමට තිබූ රු. මිලියන 600ක් රටට ඉතිරි කළ ‘මැක්ස්තර්ම්’

විදෙස් රටවලට ගලායාමට තිබූ ඩොලර් මිලියන 600කට අධික මුදලක් රට තුළ ඉතිරි කිරීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිත වන තාපන යෙදවුම් සඳහා කාර්යක්ෂම හා තිරසාර තාප බලශක්ති විසඳුම් ලබා දීමෙන් රටට මෙහෙවරක් කිරීම අරමුණු කරගනිමින් අරඹන ‘මැක්ස්තර්ම් ලංකා සමාගම’ (Maxthern Lanka) සමත්ව තිබේ.

තේ, රබර්, ඇඟලු‍ම්, ආහාර සහ පාන වර්ග, සීනි සහ ස්කාගාර ඇතුළු කර්මාන්ත සඳහා සංකල්පයේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සෑම අදියරක්ම කළමනාකරණය කරමින්, වාෂ්ප බොයිලේරු සහ උණු වතුර උත්පාදක ස්ථාපනය ඇතුළු තාප බලශක්ති ව්‍යාපෘතිවල අවසානය දක්වා බෙදා හැරීම මැක්ස්තර්ම් ලංකා සමාගම  විසින් සිදුකරනු ලබයි .
පෞද්ගලික ඉංජිනේරුවන් වන ගයා සිරිවර්ධන හා අජන්ත මුහන්දිරම් විසින් මීට වසර 14කට පෙර අරඹන ලද මැක්ස්තර්ම් ලංකා සමාගම මගින් පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ඒකාබද්ධ කිරීමෙන් තිරසාර බලශක්ති පද්ධති ලබා දීමත්   එමගින් ඩොලර් පිටතට ගලායාම සීමා කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබයි.
ඉංජිනේරුවන් ලෙස ලබා ඇති බොයිලේරු ක්ෂේත්‍රයේ වසර 30ක අත්දැකීම් හා බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් සමග බොලේරු අපේ රටට ගැළපෙන ලෙස නව්‍යකරණය කරමින් උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ක්‍රියාත්මක කරවීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යක් වේ. උදාහරණයක් ලෙස  ජෛව ස්කන්ධ (දර,දහයියා, ලී කුජු, රබර් ඇට, කජු පොතු, කුරුම්බා කෝම්බ, වැල් වැනි)  කිලෝවකින් වාෂ්ප කිලෝ 4කට අධික ප්‍රමාණයක් ලබාදීමට හැකිව තිබෙන්නේ ඔහුගේ අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලෙසය. තේ කර්මාන්තශාලාවල දර කිලෝ 1ක් දවා තේ කිලෝ 2කට අධිකව වියලා  ලබාගත හැකි බොයිලේරු මේවනවිට ඔහුන් නිපදවා තිබේ.
ඔහුන්ගේ නවතම ව්‍යාපෘතිය වන්නේ සංකේන්ද්‍රගත හිරු එළියෙන් වාෂ්ප නිපදවීමේ ව්‍යාපෘතියයි. මේ  සඳහා අත් කාචයක් යොදා හිරු එළියෙන් ගින්දර ලබාගැනීමේ ක්‍රමවේදය භාවිත වනු ලබයි. මෙහිදී විශාල තල දර්පන යොදා ගනිමින් සංකේන්ද්‍රගත හිරු එළිය පරාවර්තනය කර එමගින් වාෂ්ප නිපදවීම සිදු කෙරේ. මෙහි අත්හදා බැලීම් සාර්ථක වී  ඇති නිසාම ලබන වසරේදී කර්මාන්තශාලා සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට ඔවුන් අපේක්ෂා කරයි.
මැක්ස්තර්මිහි තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන්නේ කර්මාන්ත ශාලාවල එකතු වන අපජලය පිරිපහදු කිරීමට ලක් කිරීමේදී ලැබෙන අතුරු ප්‍රතිඵලයක් වන රොන්මඩ වැනි අවශේෂ කොටස් (Sludge) ඉන්ධන ලෙස භාවිත කිරීමේ  ව්‍යාපෘතියයි. මෙම  රොන් මඩ තුළ පවතින කාබනික කොටස බලශක්තිය නිපදවීම සඳහා භාවිත කෙරේ. ජලය භාවිත වන ඕනෑම කර්මාන්ත ශාලාවකට මෙම ක්‍රමවේදය යොදාගෙන රොන් මඩ පිලිස්සීම හරහා ලබාගන්නා බලශක්තියෙන් බොයිලේරු ක්‍රියාත්මක කළ හැකිය. 
මෙම රොන්මඩ දහනය සඳහා  Incinerator නම් උපාංගය යොදා ගෙන මධ්‍යම පරිසර අධිකාරියේ සම්මත නියමයන් අනුව භාවිත කළ යුතු උෂ්ණත්වය යටතේ දහනය කර ලබාගන්නා වාෂ්ප කර්මාන්ත ශාලාවේ බොයිලේරු සඳහා භාවිතා කරනු ලබයි.
ඉවතලන ප්ලාස්ටික් බෝතල්, ෂොපින් උර, කැඩී බිදී ගිය ප්ලාස්ටික් උපාංග වැනි  ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් දැවි තෙල් නිපදවීමේ ක්‍රමවේදය ද ඔහුන් විසින් හඳුන්වා දී තිබේ.
මෙහිදී ප්ලාස්ටික් දහනය කර එමගින් ලබාගන්නා ගෑස් මගින් දැවි තෙල් නිපදවීම සිදුකරනු ලබන අතර එම දැවි තෙල් බොයිලේරු ක්‍රියාකරවීම සඳහා යොදා ගත හැක.  එසේම මෙහි අතුරු ඵලයක් ලෙස ලැබෙනිකාබන් බ්ලැක්’, ටයරය නිෂ්පාදනය කිරීමේදී වර්ණකයක් හා ශක්තිමත් කිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනේ.   
මීට අමතරව සහල් කර්මාන්ත ශාලාවල එකතුවන දහයියා, දැව භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතිරිවන ලී කුඩු හා කඩදාසි කර්මාන්ත ශාලාවල ඉවත ලන කඩදාසි කොටස් බොයිලේරු ඉන්ධන ලෙස යොදාගෙන කාර්යක්ෂම ලෙස භාවිත කරනු ලබයි.   මැක්ස්තර්ම් ලංකා සමාගම සපයන සේවා අවස්ථා රැසකදීම ඇගයීමට ලක්ව ඇති අතර 2016දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පිරිනමන හොඳම තාක්ෂණික සපයන්නා රන් සම්මානයත්, 2014දී එහි ලෝකඩ පදක්කමත්, 2017දී එහි රිදී පදක්කමත් දිනා ගැනීමට සමත්ව තිබේ.



අදහස් (0)

ඉන්ධනවලට විදේශවලට ඇදීයාමට තිබූ රු. මිලියන 600ක් රටට ඉතිරි කළ ‘මැක්ස්තර්ම්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site