IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඉන්දියාවේ බදු කප්පාදු තීරණය ලංකාවේ ව්‍යාපාර රැක ගැනීමට හොඳම විකල්ප ආදර්ශයක්

භානුක අමරසිංහ


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පෙරේදා (21) ගනු ලැබූ GST  බදු කප්පාදු තීරණය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර රැක ගැනීම සඳහාද පවතින ආසන්නතම, හොඳම විකල්පය බව වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. විශේෂයෙන්ම ඉන්දිය රජය ගත් මෙම තීරය එරට සියලු‍ම කර්මාන්ත වෙත මෙන්ම අපනයන මූලික කර්මාන්ත වෙතද වඩාත් සහන රැසක් හිමි කර දී ඇතැයි ඒ මහතා ලංකාදීප FT  වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. 
“ඉන්දියාව ගත්ත මේ තීරණය අතිශය වැදගත් අවස්ථාවක්. විශේෂයෙන්ම ඇමෙරිකාව ඉන්දියාවේ අපනයනවලට එරෙහිව සියයට 50ක බද්දක් පනවලා තිබෙන අවස්ථාවකදී එරට දේශීය ව්‍යාපාර රැක ගන්න වගේම වඩාත් තරඟකාරී විදියට අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට මින් නිෂ්පාදකයන්ට අවස්ථාව හිමි වෙනවා.“  
ඒ අනුව වර්තමානයේදී ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු විය යුත්තේ බදු අඩු කිරීම නිසා අහිමි වන රුපියල් ආදායමද, බදු වැඩි කිරීමෙන් ව්‍යාපාර කඩා වැටීමෙන් අහිමි වන ඩොලර් ආදායමද යන්න පිළිබඳව වන බවත් ඒ මහතා සඳහන් කළේය.
“අපි හැමතිස්සෙම රජයට කිව්වේ සියයට 10 කින් හරි මේ බදු අඩු කරලා දේශීය ව්‍යාපාර රැක ගන්න කියලයි. .
ඉන්දියාව සිදුකළ මෙම බදු කප්පාදු තීරණය ප්‍රකාශයට පත් කරමින් ජනතාව ඇමතූ අගමැති මෝදි, මේ හරහා දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ වඩාත් අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් කර තිබේ. ඒ අනුව වැඩි වැඩියෙන් දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.

 



අදහස් (0)

ඉන්දියාවේ බදු කප්පාදු තීරණය ලංකාවේ ව්‍යාපාර රැක ගැනීමට හොඳම විකල්ප ආදර්ශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site