IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ තීරු බද්ද ලංකාවේ වෙළෙඳාමට -ආර්ථික ස්ථාවරත්වයට අභියෝගයක්: ලංකා වාණිජ මණ්ඩලය කියයි

  • ආසන්න වශයෙන් ඩො. බි. 3 ක පමණ වෙළෙඳ භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය ඊයේ (03) දැඩි කනස්සල්ල පළ කළේය.
ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ වෙළෙඳ භාණ්ඩ ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන බවත් එය මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 25 ක් පමණ වන බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය මෙරට වෙළෙඳාමට සහ ආර්ථික ස්ථාවරත්වයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරන බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ මෙම “අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ හේතුවෙන් ගෝලීය වෙළෙඳාමටද බාධා එල්ල විය හැකි බවත් එය ආර්ථික වර්ධනය පමා කළ හැකි බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඇතුළු මෙරට ප්‍රමුඛ අපනයන වෙළෙඳපොළවල්වල සමස්ත ඉල්ලු‍මටද ඉන් බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
නව තීරු බද්දෙන් අපනයන අංශයට ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම ඇමරිකානු තීරුබදුවල බලපෑම තක්සේරු කිරීමට කමිටුවක් පත් කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥ වන බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ අඩක් පමණ අවසන් කර දැඩි මූල්‍ය අවකාශයක ගමන් කරමින් සිටින බැවින් ඇමෙරිකාව පනවා ඇති මෙම ඉහළ තීරු බද්ද පහළට ගෙන ඒම ඉතා වැදගත් බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
රජයට තම තීරුබදු ව්‍යුහය නැවත සලකා බැලීමටත්, වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමටත්, ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමටත් මෙම සුදුසුම අවස්ථාව බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. මෙය තීරු බද්ද හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කිරීමට සම්බන්ධීකරණ සහ උපාය මාර්ගික ප්‍රතිචාරයක් සූදානම් කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට තම මණ්ඩලය කැපවී සිටින බවද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඇමෙරිකාවේ තීරු බද්ද ලංකාවේ වෙළෙඳාමට -ආර්ථික ස්ථාවරත්වයට අභියෝගයක්: ලංකා වාණිජ මණ්ඩලය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 179 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site