භානුක අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ( JAAF) පවසයි.
මෙම ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරත විශාල සහ කුඩා පරිමාණ කර්මාන්ත සියල්ලක්ම නියෝජනය කරයි. ජනපති ට්‍රම්ප් පැනවූ මෙම තීරුබදු හේතුවෙන් දැඩි බලපෑම එල්ල වී ඇත්තේ මෙරටින් සිදු කරන ඇඟලුම් අපනයනය වෙයි.
ඒ අනුව මෙම තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකය වෙත එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීමට රජය ගෙන ඇති පියවර වඩාත් සුදුසු බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මෙම කමිටුව කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශ්වකරුවන් කිහිප දෙනකුගෙන් සමන්විත වන බවත්, ඔවුන් මේ වනවිට මෙම තීරු බදු නිසා ඇති විය හැකි බාධා මඟහැරවීම සඳහා ක්‍රමෝපායික සැලැස්මක් සකස් කරමින් සිටින බවත් එම සංසදය වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
170
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි