IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇණවුම් පහත වැටීමෙන් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පහළට

 

  • මාර්තු මාසයේදී වාර්තා කළ දර්ශකාංක 63.9 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළ වැටීමක්
  • ප්‍රධාන උප දර්ශක පිළිවෙළින් 30.0ක්, 36.5ක්, 41.0ක් සහ 44.9ක් ලෙස පහත වැටීම බලපාලා

භානුක අමරසිංහ


නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මේ වසරේ අප්‍රේල් මාසයේදී දර්ශකාංක 40.1ක් ලෙස සටහන්ව තිබේ. මෙය මාර්තු මාසයේදී වාර්තා කළ දර්ශකාංක 63.9 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළ වැටීමකි. 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. 

විශේෂයෙන්ම නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන ප්‍රධාන උප දර්ශක පිළිවෙළින් 30.0ක්, 36.5ක්, 41.0ක් සහ 44.9ක් ලෙස පහත වැටීම ඊට බලපා තිබේ. 

එහිදී උත්සව සමයේ පැවැති ඉලු‍ල්ම අඩුවීමත් සමගින්ම, ආහාර හා පාන අංශයේ නව ඇණවුම් පහත වැටීම ප්‍රධානව හේතු වී තිබේ. එසේම සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුදු සමයේදී බොහෝ කර්මාන්තශාලා සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමෙන් අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන අඩුවීමත් ඊට හේතු වී ඇත. 

නව ඇණවුම් සහ නිෂ්පාදනය පහත වැටීමත් සමග අප්‍රේල් මාසයේදී තොග මිලදී ගැනුම් උප දර්ශකය ද පහත වැටුණි. මේ අතර, ප්‍රධාන වශයෙන් උත්සව සමයේදී සැපයුම් දාමයන්ට ඇති වූ බාධා හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේදී පැවැති 56.3 හා සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 57.00 ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉල්ලු‍ම් තත්වයන්හි අපේක්ෂිත වර්ධනය හේතුවෙන්, ඉදිරි මාස තුනක කාලය සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා ඉහළ මට්ටමක පවතින බවත් මහ බැංකුව සඳහන් කරයි. 



අදහස් (0)

ඇණවුම් පහත වැටීමෙන් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 88 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site