IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආසියානු සංවර්ධන බැංකුවේ 52 රැස්වීමට මංගල ඇතුළු පිරිස ෆීජි රාජ්‍යයට

(මනෝජ් හර්ෂික)
 
ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිසක් ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම මහ සභා රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම තුළින් ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ  අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන ද බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍යං මංගල සමරවීර මහතා සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී ද සහභාගී වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
 



අදහස් (4)

ආසියානු සංවර්ධන බැංකුවේ 52 රැස්වීමට මංගල ඇතුළු පිරිස ෆීජි රාජ්‍යයට

sam Tuesday, 30 April 2019 08:47 AM

එහෙ ගිහිල්ලත් රටයි, ජාතියයි, රනවිරුවොයි ආයිත් පාවල දීල එයිද දන්නේ නැහැ

:       5       576

sarath perth Tuesday, 30 April 2019 11:25 AM

එහෙටම වෙලා හිටියනම් වඩා හොඳයි. කරොත් කරන්නෙම තකතීරු වැඩක් . දැන් සිද්දවෙන දේවලට ඔහෙත් වගකියන්න ඕනේ.

:       0       131

Keppetipola Tuesday, 30 April 2019 11:45 AM

මොනා කතා කරන්නද දන්නේ නැහැ මෙයා යන්නේ?

:       0       1

maheshika Sunday, 05 May 2019 08:44 PM

තොලොන්චි වෙලාම පලයව්. අනික මොකටද කණ්ඩායමක්? රට කාපු හැතිකරේ, තව ලෝකේ වටේ යනවා මහජන මුදලින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site