(මනෝජ් හර්ෂික)
ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිසක් ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම මහ සභා රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම තුළින් ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන ද බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍යං මංගල සමරවීර මහතා සමගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී ද සහභාගී වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ගිහිල්ලත් රටයි, ජාතියයි, රනවිරුවොයි ආයිත් පාවල දීල එයිද දන්නේ නැහැ
එහෙටම වෙලා හිටියනම් වඩා හොඳයි. කරොත් කරන්නෙම තකතීරු වැඩක් . දැන් සිද්දවෙන දේවලට ඔහෙත් වගකියන්න ඕනේ.
මොනා කතා කරන්නද දන්නේ නැහැ මෙයා යන්නේ?
තොලොන්චි වෙලාම පලයව්. අනික මොකටද කණ්ඩායමක්? රට කාපු හැතිකරේ, තව ලෝකේ වටේ යනවා මහජන මුදලින්...